
ලංකාවේ මියුසික් වීඩියෝ කලාවේ වැඩිපුරම දක්නට ලැබුණ නිළිය වන්නේ ශෂී ඇංජලීනා. ඒ වගේම ඇය වෙළෙඳ දැන්වීම් කලාවේ දී මෙන්ම වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙසද අපට මුණගැහිලා තියෙනවා. ඇගේ මේ ගමනට වසර හතක් පමණ ගතවෙලා. ඉතින් මේ කාලය ඇතුලත ඇයට සමීප වුණ ආදරණීය පුද්ගලයෙක් ගැන ඇය පුවත් පතකට කියලා තිබුණේ මෙන්න මේ ආකාරයට.
ශෂීගේ ජීවිතයේ මොන තරම් යාළු මිත්‍රයෝ හිටියත් ඒ හැමෝම අතරින් වඩාත් කිට්ටුම කෙනෙක් හිටියාලු. ඇය නමින් තිළිණි ද සිල්වා. ශෂී වගේම ඇයත් නිරූපිකාවක්. තිළිණි තමයි ශෂීගේ ජීවිතයට හුඟක්ම ළඟ මිතුරිය.
ශෂී කියන්නේ හරි ඉක්මනින් මනසින් වැටෙන කෙනෙක් ලු. ඉති ඇගේ ජීවිතයට දරාගන්න බැරි ප්‍රශ්න ආපු හැම වෙලාවකම හිතේ හයියට ළඟින්ම ඉඳලා තියෙන්නේ තිළිණි තමයි. ශෂීට වෙලාවකට හිතෙනවාලු ඇයි එයාටත් තිළිනිට වගේ ශක්තිමත් හිතක් නැත්තේ කියලා.
යාළුවෝ වුණාට ඔවුන් අතර කවදාවත්ම ලොකු ලොකු දේවල් නම් හුවමාරු වෙලා නැහැලු. ඒත් හදවතින් කරපු කැපකිරීම් භෞතික කාරණා වලට වඩා හුඟාක් වටිනවාලු.
ශෂී සහ ඇගේ මිතුරිය හැම අතින්ම සමාන නැහැ . අසමාන අවස්ථාත් තියෙනවා. ඒත් ප්‍රශ්න හමුවේ පළා යන යහළුවන්ට වඩා තිළිණි ඇයට ගොඩාක් වටිනවා. ඒ නිසා ශෂී ප්‍රාර්ථනා කරන්නේ ඇයව හැමදාම සතුටින් තියන්න කියලා.