
එමාෂා කිව්වාම හුඟදෙනෙක් නොදන්නවා වුණාට සහේලි කිව්වාම හුඟක් අය ඇයව දන්නවා. වර්තමානයේ විකාශය වන දෙවෙනි ඉනිම නාට්‍යයයේ එමාෂා රඟ දක්වන්නේ සහේලිගේ චරිතය. ඒ කියන්නේ චූටිමැණිකේ හෙවත් ලිහිණිගේ ලොකොඅප්පාගේ දුව. සහේලි දෙවෙනි ඉනිමට එන්නේ ශනුද්‍රි දෙවෙනි ඉනිමට සමුදීමත් එක්ක. මේ නිසාත් ඇය ගොඩක් අයගේ අවදානය දිනාගත්තා.
එමාෂා කියන්නේ ඉතාම තරුණ වයසේ පසුවන රංඟන ශිල්පිනියක්. ඇය මෑතක කළ පුවත්පත් සාකච්ඡාවකදි ඇය ගැන කියලා තිබුණේ මෙන්න මේ විදියට.
එමාෂාට ඉන්නවා හුරතල් බලු පැටියෙක්. කොයිවෙලෙත් මේ බලු පැටියා ඇඟේ වෙලෙනවාලු. ඒ නිසා එයා ආසයිලු මේකාව හෑන්ඩ් බෑග් එකේ දාගෙන යන්න තිබුණා නම්. සාමාන්‍යයෙන් එමාෂා හෑන්ඩ් බෑග්ස් කියලා පාවිච්චි කරන්නේ Back pack.හෑන්ඩ් බෑග්ස් වලට ඇගේ විශේෂ කැමැත්තක් නැහැලු. හැබැයි branded සපත්තු පළඳින්න නම් එමාෂා ඉතාම කැමතියි.
ඉස්සර එමාෂා පාට පට බාබි ගර්ල්ස්ලාට ආසයි ලු. ඉතින් දවසක් එමාෂාගේ අම්මා ඇයට රෝසපාට බාබි ගර්ල්ස් ලා ඉන්න බෑග් එකක් ගෙනල්ලා දීලා තියෙනවා. කොහොම වුණත් එමාෂා නම් ඉතින් වැඩිය ඔය හෑන්ඩ් බෑග්ස් වලට ආස නැහැ. ඒත් කොහේ හරි යද්දි හෑන්ඩ් බෑගයේ වතුර බෝතලය, පනාව, නම් වරදින්නේ නැහැලු.
හෑන්ඩ් බෑග් විස්තර ඇය කියලා තිබුණේ සති අන්ත පුවත්පතකට. මේ දවස්වල දෙවෙනි ඉනිම කතාවේ, සහේලි – අනුහස් ප්‍රේමය ලියලන හැටි පේනවා. රංඟනයට අලුත් වුණත් එමාෂා සහේලිට ඉතාම හොඳ සාධාරණයක් ඉටු කරන බව පේනවා. අපි මේ වෙලාවේ ඇයගේ අනාගත රංඟන දිවිය සාර්ථක වෙන්න කියලා සුබපැතුම් පිරිනමනවා.