
විශාරද එඩ්වඩ් ජයකොඩි සහ චරිතා ප්‍රියදර්ශනීගේ එකම පුතා චන්දීප ජයකොඩි. ඔහු අලුත් ටෙලිනාට්‍යයක් වන නිරාශා සමඟ ටෙලිනාට්‍ය රංඟනයට පිවිසි බව අපට දැනගන්න ලැබුණා.
නිරාශා කියන්නේ විදෙස් රටකදී රූගත කළ අපූරු ආදර කතාවක්. සාරංග, දිනක්ෂි, චන්දීප ඇතුළු ජනප්‍රිය නළු නිළියන් නිරාශා හි රඟපානවා. දෙසැම්බර් 03 වැන්දා ඉඳලා ලාංකීය රසික රසිකාවියන්ට නිරාශා රසවිඳින්නත් පුළුවන්.
නිරාශා එක්ක හා හා පුරා කියලා ටෙලි රංඟනයට පිවිසෙන කඩවසම් නළුවා ගැන තමයි මේ කියන්න හදන්නේ. ඒ චන්දීප ජයකොඩි. ඔහු සංගීතය උගන්වන ගුරුවරයකුගේ චරිතයක් තමයි මෙහි රඟ දක්වන්නේ . ඒක ඔහුගේ සාමාන්‍ය ජීවිතයටත් බොහෝ සෙයින් සමානයි. කතාවේ හැටියට චන්දීපගේ අක්කා දිනක්ෂි. නංගි විනීතා පෙරේරා. චන්දීප විනීතාට ගිටාර් උගන්වනවා. එහෙම තමයි නිරාශා ගලාගෙන යන්නේ. නිරාශා කියන්නේ සඳරුවන් ජයවික්‍රමගේ අධ්‍යක්ෂණයක්.
චන්දීප මුල්‍ය කළමනාකරණය හදාරපු කෙනෙක්. සංගීත වැඩත් එක්ක ඒ පැත්ත නම් දැන් මඟහැරිලා. රූ මාරුතේ කියන්නේ ඔහුගේ පළමු ගීතය. ඉදිරියේදිත් අලුත් නිර්මාණ කරන්න චන්දීපගේ අදහසක් තියෙනවා.
නිරාශා නාට්‍යයට චන්දීප වසන්තයේ කියලා අලුත් ගීතයක් ගායනා කරනවා. එඩ්වඩ් ජයකොඩි මහත්මයාට තව දියණියකුත් ඉන්නවානේ. ඇයත් ගායනයට දක්ෂයි. චන්දීප නංගි එක්ක ඉතාම සමීපයි කියලා ඔහු කියනවා.
චන්දීපට රංඟනය කියන්නේ නුහුරු දෙයක් නෙමෙයි. මොකද ඔහු පාසල් කාලයේ පටන්ම වේදිකා නාට්‍යවල රඟපානවා. ඒ වගේම උදයකාන්තගේ හිරිපොදවැස්ස සිනමා නිර්මාණයෙන් තමයි චන්දීප සිනමාවට ප්‍රවේශ වන්නෙ. ඒ නිසා නිරාශා හි ඔහුගෙන් ඉහළ රංඟනයක් බලාපොරොත්තු වන්න පුළුවන් වෙයි.
චන්දීපගේ කඩවසම් පෙනුමට තරුණ තරුණියන් අතර හොඳ පිළිගැනීමක් ඇතිවෙයි කියලත් අපිට කල්තියාම කියන්න පුළුවන්.
නිරාශා විකාශය වෙන්න තව වැඩි දවසක් නැහැනේ. ඊට පස්සේ තව විස්තර කතා කරමු.