
Music Field එකට එනවා කියන එකත් හිතන තරම් සුන්දර නෑ. ඒකටත් ලොකු ගේමක් ගහන්න ඕන. හැබැයි අනුන්ට ගේම දෙන ගේම් කාරයෙක් නොවී. හරි… ෆීල්ඩ් එකට ආවා කියමුකෝ. ආවත් ඉතින් ඉන්න නම් ලේසි වෙන්නේ නෑ. මොකද වැඩ දන්නෙ නැත්තම් එතන ඉන්නත් බෑ. වැඩ දන්න මිනිස්සු අස්සේ බොරු ගේම් ගහන්න බෑනේ. හැබැයි සනුක කියන්නේ බොරු ගේම් ගහන්නෙ නැතුව වැඩ දන්න කොල්ලෙක් කියලා කිව්වොත් ඒකෙ ඉතින් වැරැද්දක් නෑ. මොකද සනුක කියන්නෙත් වැඩ්ඩෙක්ගේ පුතෙක්නේ. ඉතින් ඔන්න මේ ඊයේ පෙරේදා සනුකට පොඩි පහේ නෙමේ ලොකුම ලොකු චාන්ස් එකක් වැදුණා. ඒක තමයි ෆිල්ම් එකකට සිංදුවක් කියන්න. සමහර විට මේක අහනකොට ඉතින් ඒක ලොකු දේකුත් වෙන්නෙ නැතුව ඇති කියලා සමහරුන්ට නං හිතෙනවා ඇති. ඒත් ඒක ලොකුම දෙයක් වෙන්නේ වෙනම කතන්දරයක් හින්දා. කතන්දර කිව්වට ඒකට කරුණු කීපයක්ම තියෙනවා. සනුක කියලා තියෙන විදියට නම්, එකක් තමයි මේක “විජයබා කොල්ලය” ෆිල්ම් එකවුණු එක. අනිත් එක මේ ෆිල්ඩ් එකේ ඉන්නේ ප්‍රවීණයෝ ම දෙන්නෙක් එක්ක වැඩ කරන්න ලැබිච්ච එක. සනුක මේ සුනිල් ආරියරත්න එක්ක වැඩ කරන දෙවෙනි පාරලු. සනුක නම් කියන්නේන මේ වැඩේට කතා කරපු එකම අලුත් අත්දැකීමක් වගේම ඒ තරමටම ඒක එයාට ආඩම්බරයක්ලු.
සනුකගේ තාත්තා, ඒ කියන්නේ සංගීත් වික්‍රමසිංහ මේ ෆීල්ඩ් එකේම හිටිය කෙනෙක් හින්දා සනුක ෆිල්ම් එකට වොයිස් කරන්න ගිහිල්ලා තියෙන්නෙත් සංගීත් එක්කමයි. කොහොම හරි ඔන්න එදා සින්දුවේ වොයිස් කරලා. සනුක කියන විදියට නම් එයාගේ පැත්තෙන් එයා උපරිමයෙන්ම කරාලු. ඒත් ඉතින් අන්තිමේදී සනුක රෝහණ විරසිංහට මෙන්න මෙහෙමත් කිව්වලු ආයෙමත් සින්දුව රෙකෝඩ් කරන්න ඕනා නම් සිය සැරයක් වුණත් ඇවිත් වොයිස් කරන්නං කියලා. සුනිල් ආරියරත්නටත් සනුක මේකම තමයි කියලා තියෙන්නේ. සනුක නං කියන්නේ එහෙම කිව්වා කියල කියන්නෙ ෆීල්ඩ්
එකේ ප්‍රවීණ දෙන්නෙක් එක්ක වැඩ කරද්දි නිර්මාණයට සාධාරණයක් ඉෂ්ට කරන්න ඕන හින්ද කියලා.