Daily News
Trending

එකගෙයි කෑමට සෙට්වුණු සෙනාලි..

Senali Fonseka




Senali Fonseka Exclusive from Starfriends.lk

සෙනාලි ෆොන්සේකා කිව්වම කාටවුණත් එකපාරම මතක්වෙන්නෙ මාලනී ෆොන්සේකාව. ඒකට ඉතින් මූලිකම හේතුව වෙන්නේ ෆොන්සේකා කියපු ගමන් කාගෙත් ඔළුවට එන්නෙම මාලනී නිසා. ඒකත් ලොකුවටම අවුලක් නෑ. මොකද මාලනී කියන්නෙත් සෙනාලිගේ නැන්දා කෙනෙක්නේ. මෙයාගේ කලාවට සම්බන්ධ වීමත් සිද්ධ වෙලා තියෙන්නේ ගොඩක් වෙලාවට කලාවටම ප්‍රසිද්ධ family එකක හිටිය නිසා වෙන්නත් පුලුවන්. කොහොම වුණත් සෙනාලි Study කරේ England වල. මේ කාලෙදිම තමයි ‘සිරිපැරකුම්’ කියන film එක සෙනාලිට සෙට්වුනේ. මේ කියන විදියට මේක උනේ 2013 අවුරුද්දේ. ඒකත් හම්බවුණු හැටි ඉතින් ලේසි නෑ. Photos එක්ක විස්තර ටික යැව්වට පස්සේ තමයි රේණුකා බාලසූරිය සෙනාලිව film එකට තෝරගෙන තියෙන්නේ. ඒකත් හරි ගියා කියමුකො. ඒත් ඉතින් අන්තිමේදී 13 වෙනි ශතවර්ෂයේ ජීවත්වුණ කෙනෙක්ගේ චරිතයක් කරන්න පුලුවන්ද කිව්වාම තමයි සෙනාලිට එයා ගැනම dought එකක් ඇති වෙලා තියෙන්නේ.

ඔව් ඉතින් ඒකත් ඇත්ත. England වල අවුරුදු දහයක්ම හිටපු කෙල්ලෙක් එකපාරටම ලංකාවට ඇවිල්ලා 13 වෙනි ශතවර්ෂේ චරිතයක් තියෙන film එකක රඟපාන්න සෙට් වෙනවා කියන්නෙම ඉතින් ෆුල් හොල්මන් සීන් එකක්නේ. ඒත් ඉතින් අවුලක් නෑ. සෙනාලි⁣ කොහොමහරි වැඩේ ගොඩ දාගත්තා. මේ කතාව ඉස්සර කතාවක්. කාලයක් යනකන් සෙනාලිව මිනිස්සු දැනගෙන හිටියේ සිරි පැරකුම් film එකේ සිරිමල් එතන විදියට. ඒත් ඒකට තිත තියන්න සෙනාලිට චාන්ස් එක ලැබුනේ හාර කෝටිය ටෙලියේ දිලීගේ චරිතෙ කරන්න පටන් ගත්තට පස්සේ. මොකද ඒ චරිතය ගොඩක් අය අතරෙ ජනප්‍රිය වුණ නිසා. කොහොමත් සෙනාලි කියන්නේ එයා එකින් එකට වෙනස් චරිත කරන්න කැමැත්තක් දක්වනවාය කියලා. එයා කියන කතාවක් හරි. මොකද දැන් එයා වෙනස් වැඩත් කරන්න පටන් අරන් තියෙන්නේ. ඒක ඉතින් එයාගෙ කැමැත්ත. කිසිම කෙනෙක්ට කාගෙවත් කැමැත්ත අකමැත්ත ගැන ප්‍රශ්න කරන්න අයිතියක් නෑ. අපි මේ කියන්න හදන system එක තිබුණේ ගොඩක් ඈත අතීතයක. ඒත් ඉතින් Old is gold කියන හින්දාද දන්නෙත් නෑ සමහරු තවමත් පරණ දේවල් පස්සේ යන්නේ. වැඩි කතා ඕන නෑ. අපි මේ කියන්නේ එකගෙයි කෑමක් ගැන. මේ එකගෙයි කෑම කන්න පටන් අරගෙන දැන් ඒ තරම් කාලයක් නෑ.

ඉතින් අපි දන්න තරමින් මේ වැඩේට ඒතරම් කාලයක් ගක වෙලා නෑ. ඒත් මේකටත් සෙනාලි සම්බන්ධ වෙලා තියෙනවා කියලා තමයි අපි නම් දන්නේ. ඒ වුණාට මේ එකගෙයි කෑමට සෙනාලි විතරක් නෙවෙයි අපි දන්න අඳුනන ගොඩක් අය සම්බන්ධ වෙලා තියෙනවා කියලා තමයි වැඩි විස්තර වල කියවෙන්නේ. වැඩේට කට්ටිය මෙහෙයවලා තියෙන්නේ ජැක්සන් ඇන්තනි. ⁣තවත් දිගට කතාව ඇදගෙන යන්න ඕන නෑනේ මේ සිද්ධි හැම දෙයක්ම වෙන්නේ ‘එකගෙයි සොකරි ‘ film එකේ. මේ film එකේ හැටියට එයාගේ නම තමයි දළුමලී. ඉතින් විස්තර කියලා වැඩක් නෑනේ. එකගෙයි සොකරි බලන්නම ඕන සෙනාලි⁣ගේ acting බලාගන්න.

Senali Fonseka Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close