
උමාලි තිලකරත්න පසුගිය දවසක සංගීතමය වැඩසටහනකට ආවා. ඇය ඉතාම සුන්දර ගීත එකතුවක් එම වැඩසටහනේදි ගායනා කළා. රංඟනයට වගේම ගායනයට ඇය උපන් හපනියක් බව තව දුරටත් ඒ වැඩසටහනෙන් තහවුරු වුණා.
ඔයාලා දන්නවනේ උමාලිට ජපානයත් එක්ක සමීප සම්බන්ධයක් තියෙනවා කියලා. උමාලිට ජපානේ කියන්නේ හරියට දෙවෙනි මහගෙදර වගේලු. මෙහෙම වෙන්නත් හේතුවක් තියෙනවා.
උමාලි පුංචිම කාලේදි දවසක් එයාව කවුද කෙනෙක් වඩාගෙන තියෙනවා. ඊට පස්සේ ඒ පුද්ගලයා උමාලිගේ මාලය කඩාගෙන දුවලා. මේ වෙලාවේ උමාලිගේ තාත්තා මාල හොරා පස්සේ පන්නන්න පටන්ගන්නවා. මෙහෙම යද්දි තමයි උමාලිගේ තාත්තට ජපානයට යන්න පුළුවන් කියලා තිබුණ පුවත්පත් වාර්තාවක් දකින්න ලැබෙන්නේ. හොරා පස්සේ පන්නද්දි කඩයක තිබුණ පත්තරයකින් තමයි මේ විස්තරය දකින්නේ. ඒ විදියට තාත්තා කොහොමහරි ජපානයට යන මාවත කපා ගන්නවා. උමාලිලාටත් මේ රට අනාරක්ශිතයි වගේ දැනෙද්දි හැමෝම ජපානයට යනවා. ඊට පස්සේ ඉතිං ජපානය කියන්නේ උමාලිට ගෙදර වගේ තැනක්. මේ වෙද්දි ඇය ජපන් චිත්‍රපටයක පවා රඟපා අවසන්. ඒ වගේම ඇයට ජපන් භාෂාව හොඳින් හසුරවන්නත් පුළුවන්.