
ලංකාවේ සම්මාන උළෙල කියලා කිව්වම ඉතින් එක එක විදියෙන් එක එක නමින් ඒවා තියෙනවා. සමහර සම්මාන උළෙලවල් තියෙනවා, ඒවාගේ සම්මාන ගොඩක් වෙලාවට යන්නේ එකම චැනල් එකක telecastවෙන teledrama වලට විතරයි. ඒ වගේම තමයි වැඩේ මොකක් උනත් කමක් නෑ ඒ ගොල්ලො artistලාවත් තෝරලා තිබ්බා ඒ ඒ අයට සම්මාන දෙන්න ඕනමයි කියලා. ඉතින් හිතාගන්න පුළුවන් නේද ඒ වගේ සම්මාන උළෙලවල් වල තියෙන හොඳ කම. ඒ සම්මාන උලෙළවල් එහෙම වෙනකොට පහුගිය ජූලි 26 වෙනිදා ලංකාවේ ජනාධිපති සම්මාන උළෙල තිබුණා. හැම අවුරුද්දෙම තියෙන්න තිබ්බත් මේක මේ පාර තිබුණේ අවුරුදු තුනකට පස්සෙ. ඒ හින්දා සම්මාන එකක් දෙකක් නෙමේ සම්මාන අට්ටියක්ම තිබුණා බෙදලා දාන්න. මෙන්න මේක හින්ද පරණ ෆයිල් එහෙමත් උඩට එනවා වගේ පරණ පරණ දේවලුත් මිනිස්සුන්ට මතක් වෙන්න පටන් ගත්තා.
ඔයාල දන්නවා ඇතිනේ සාමාන්‍යයෙන් කතාවක් තියෙනවා ලෝකයේ ඉන්න අහිංසක පෙම්වතුන් දිහා කවුරු වුණත් ඇහැ ගහගෙන බලාගෙන ඉන්නවා කියලා. ලංකාවෙත් අන්න එහෙම ඒ වගේ අහිංසක කපල් එකක් හිටියා. මිනිස්සුත් සෑහෙන්න ඒ දෙන්නට ආදරය කළා. හැබැයි ඉතින් ඒ දෙන්නටම ඒ ලව්එක ඒ විදියටම තියාගන්න පුළුවන් වුනේ නෑ. කොහොම හරි හේතුව මොකක් වුනත් ලව්එක නැති වුණා. ඒ කතා අපි පැත්තකට දාමුකෝ. තමන්ගේ ලයිෆ් එකේ සිද්ධ වුණු අලකලංචි වලින් පස්සේ ඔන්න උමාලි ජනාධිපති සම්මාන උළෙලේදී සම්මානයක් ගතතා. හැබැයි ඒ සම්මානෙ ගත්තේ රඟපෑම වෙනුවෙන් නම් නෙවෙයි. ගායනය වෙනුවෙන්. ඒ 2017 දී telecast වුණු Nino live film එකේ සිංදුවකට. දැන් ඉතින් කියන්න ඕන නෑනෙ උමාලිගේ නම මෙහෙම කිව්වාම අනිත් පැත්තෙන් ඉන්න අහිංසක පෙම්වතා කවුද කියලා? කොහොමහරි හැමදේකින්ම වගේ වසන් වෙලා හිටිය උමාලි මේ සම්මානය ගන්න ආවා. සමහර විට මේක උමාලිගෙ නිර්මාණ ජීවිතේ අලුත් ආරම්භයක turning point එකක් වෙන්නත් බැරි නෑ. ඉතින් අපි උමාලිට star friends වෙනුවෙන් සුබ පතනවා උමාලි ගත්ත අලුත්ම සම්මානයට.