
උමාරියගේ දෙවැනි විවාහය ගැන ගොඩ දෙනෙක් කතා කලත් උමාරියා ඒවට පිළිතුරක් දෙන්න ගියේ නැහැ. ඇය සාමන්‍යය විදියටම ඇගේ ජිවිතේ ගත කළා. පසුගිය දවසක ඇය ලංකාවට ඇවිත් තිබුණා. උමාරියා අපූරු චායාරූපයකට දාපු කැප්ශන් එකක් ගැන ගොඩක් අය උනන්දුවෙන් බලන්න වුණා.
ඒ උමාරියගේ ජීවිතේ දෙවනියට ප්‍රියතම කෙනා කවුද කියලා ඇය ඒ ප්‍රියතම කෙනාගේ ජයාරූපයක් සමඟම කියලා තිබුණ එක ගැන. ඒ ප්‍රියතම කෙනා වෙන කවුරුවත් නෙමෙයි ඇයව ගායන ක්ෂේත්‍රයට හඳුන්වා දුන්න භාතිය සන්තුෂ් දෙන්නගෙන් එක් අයෙක් වෙන භාතිය ජයකොඩි. භාතියත් උමාරියත් මේ ෆොටෝ එක ගන්න කොට භාතිය කියලා තියෙනවා මේකට ඔයා දාන කැප්ශන් එක විදියට ඔයාගේ ප්‍රියතම කෙනා මම කියලා දාන්න කියලා. හැබැයි ඇය එහෙම දැම්මෙ නැහැ ටිකක් වෙනස් කරලා තමයි දාලා තිබුණේ.
භාතියගේ ඉල්ලීමට උමාරියා කියලා තියෙන්නේ මගේ ජීවිතේ ප්‍රියතම කෙනා තමයි මගෙ සැමියා කියලා. ඒ නිසා මගේ ජිවිතේ මම දෙවනියට වැඩිපුරම කැමති කෙනා ඔයා. ඉතින් ඒක එහෙම දාන්නම් කියලා උමාරියා භාතියට කිව්වලු.
උමාරියා අද යම් තැනක ඉන්නවනම් එ ඇගේ හැකියාවෙන් හැබැයි ඒ හැකියාව ලෝකයට අඳුන්වලා දුන්නේ භාතිය සන්තුෂ් කියලා නම් පිළිගන්න වෙනාවා.