
ජනප්‍රිය පරපුරේ ගායිකාවක් වෙන උපේඛා නිර්මාණී මෙයට මාස කිහිපයකට කලින් විවාහ වුනා කියලා හැමෝම දැන් දන්නවනේ. විවාහක යුවළකගේ පළවෙනිම බලාපොරොත්තුව වෙන්නේ ඉක්මනටම අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් වෙන එක. ඉතින් උපේඛාත් මේ හීනය හරි ඉක්මනටම ඉෂ්ට කර ගෙන තියෙනවා.
තව මාස එකහමාරකින් විතර උපේඛා පුංචි පුතෙක්ගේ අම්ම කෙනෙක් වෙනවලු. උපේඛාගේ මහත්තයා බලාපොරොත්තුවෙන් හිටියෙත් පුතෙක්ටමලු. මේ දිනවල ඇයට බොහෝ පිරිසකගේ ආදරය වගේම අවදානය ලැබෙනව කියලා තමයි කියලා තිබුණේ. ඉතින් දරුවෙක් ලැබෙන්න ඉන්න ඕනම අම්ම කෙනෙක්ට ඇති වෙන දොළ දුක උපේඛාටත් ඇති වෙලා තියෙනවා. ඒ තමයි දන්සලකින් පානුයි සීනි සම්බෝලයි කන්න. හැබැයි ඉතින් මේ දන්සල් කාලේ නොවෙන නිසා උපේඛාට ඒ දේ කරගන්න බැරිවෙලා.
හැබැයි උපේඛාගේ නැන්දම්මා දන්සලකින් වගේම රසට සීනි සම්බෝල හදලා පාන් ගෙනත් දුන්නලු කන්න. අන්න එහෙම තමයි උපේඛාගේ දොළදුක සංසිඳුනා කියන්නේ. ඒ වගේම උපේඛා මේ වෙන කොට එන්න ඉන්න පුතාට ගීතයකුත් නිර්මාණය කරලලු තියෙන්නේ. පුතා ලැබුනම එයත් එක්කම වීඩීයෝවක් කරනවා කියලා තමයි ආරංචි.