Daily News
Trending

උපේක්ෂා ආදරණීය කෙනෙක් වුණේ කාලෙකට පස්සේලු…




උපේක්ෂා කියන නම ලංකාවේ දේශපාලනයේ එක්තරා විධියක සන්ධිස්ථානයක්. මේ රටේ පළමු වතාවට ටෙලි නාට්‍යයක චරිතයක් පාර්ලිමේන්තු යවන්නේ උපේක්ෂා. ඒ ඇය රඟපෑ පබා කියන චරිතය. පබා හිමි කරගත්ත අසීමිත ජනප්‍රියත්වය නිසා අවසානයේ දී පාර්ලිමේන්තු අසුනක් දිනා ගන්න පවා සමත් වෙනවා. ඒත් දේශපාලනය කියන්නේ එහෙම ලේසියට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට දේශපාලනික වශයෙන් එකතු කරගත් අත්දැකීම් වගේම දැනුමත් අවශ්‍යයි. මේ නිසා උපේක්ෂා එයාගේ නිලකාලය අවසන් වෙනවාත් සමඟම දේශපාලනයට සමු දෙනවා. නැවතත් වතාවක් නම් දේශපාලනයට එන්න ඇගේ කිසිම බ‍ලාපොරොත්තුවක් නැහැ. උපේක්ෂා දැන් කියන්නේ ඇය දේශපාලනයට ආපු එක ගැන අදටත් පසුතැවෙනවා කියලායි. ඒකට හේතුව දේශපාලනය කියන්නේ අත්දැකීම් නැතිව එන්න සුදුසු ක්ෂේත්‍රයක් නොවන බව ඇය වටහාගෙන තිබීම.

උපේක්ෂා මේ වනවිට මවක්. ඇයට අවුරුදු දෙකහමාරක පමණ දියණියක් ඉන්නවා. චූටි දියණියගේ නම ධනුජි ෂැනන්. උපේක්ෂා කාලයක්ම දියණිය නිසා ෆීල්ඩ් එකෙන් ඈත්වෙලා ඉන්නවා. උපේක්ෂා පුවත්පත් සාකච්ඡාවකදි කියලා තිබුණේ ඇයට ඉන්නේ චණ්ඩි දියණියක් කියලා.

මේ දවස්වල උපේක්ෂා ජනප්‍රිය ටෙලිනාට්‍යයක ප්‍රධාන චරිතයකින් මුණගැහෙනවා. රවින්ද්‍ර විජේරත්න අධ්‍යක්ෂණය කරන ˝ඔබ නිසා˝ කියන නාට්‍යයේ ප්‍රභාෂිණී කියන අහිංසක චරිතයට පණ පොවන්නේ උපේක්ෂා. ඇය කියන ආකාරයට ඇයට මේ ව‌ගේ අහිංසක ආදරණීය චරිතයක් ලැබිලා තියෙන්නේ කාලයකට පස්සේ. අහස් මාලිගා කියන නාට්‍යයේ උපේක්ෂාට ලැබිලා තියෙන්නේ කළු චරිතයක්. වරක් ඒ වෙනුවෙන් ඇයට මත් පැන් පානය කරපු දර්ශනයක් පවා කරන්න සිදුවෙනවා. උපේක්ෂා ඒ දර්ශනය කොයිතරම් සාර්ථකව කළා ද කියනවා නම් සමහරු ඇගෙන් ඇහුවාලු ඇත්තටම මත්පැන් පානය කරලා හිටියාද කියලත්. මේ වගේ තවත් චරිත ඇයට ලැබුණත් එකම චරිතයකට කොටු වන්න අකමැති නිසා ඇය කළු චරිත තව දුරටත් භාරගෙන නැහැ. ඊට පස්සේ තමයි උපේක්ෂාට ප්‍රභාෂිණී කියන ඉතාම ආදරණීය චරිතය ලැබෙන්නේ.

උපේක්ෂාට මේ වෙලාවේ හුඟක්ම වටින්නේ එයාගේ පවුල සහ වෘත්තිය කියන දෙකමලු. ඇයට ඇයගේ ස්වාමිපුරුෂයාගෙන් සුවිශාල සහයෝගයක් ලැබෙන අතරේ ඔහුගේ මවගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනව බව ඇය කියනවා. ඉදිරියටත් හැම දේම සාර්ථකව පවත්වාගෙන යන්න තමයි උපේක්ෂා බලාපොරොත්තු වෙන්නේ.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close