Daily News
Trending

උදාරිගේ දොළදුක.

Udari kaushalya




Udari kaushalya Exclusive from Starfriends.lk

උදාරි කෞශල්‍යා කියන්නේ කවුද කියලා ඔයාලා දන්නවානේ. ඇය නිරූපිකාවක්. ඒ වගේම රංඟන ශිල්පිනියක්. උදාරි පෞද්ගලික ජීවිතයේ යම් යම් ප්‍රශ්නවලට පවා හොඳින් මුහුණදෙමින් සාර්ථකත්වය අත්පත්කර ගනිමින් සිටින නව පරපුරේ දක්ෂ නිළියක්.

උදාරි ඇයගේ ‌ෆේස්බුක් ගිණුමට සහ ඉන්සටර්ග්‍රෑම් ගිණුමට එක් කරලා තිබුණ ඡායාරූපයක් සම්බන්ධයෙන් තමයි මේ කියන්න යන්නේ. ජනප්‍රිය චරිත වුණාට පස්සේ රසික ජනතාව එයාලා සම්බන්ධයෙන් උනන්දුයිනේ. ඒ නිසා උදාරිගේ දොළදුක ගැන නම් නොකියාම බැහැ.

උදාරි මේ ආකාරයට පළ කරලා තිබුණේ දැක්ක ගමන් කටට කෙල උණන පින්තූරයක්. ඇත්තම කියනවා නම් දකින ඔ්නම කෙනෙක්ට දොලදුකක් හැදෙන තරමේ පින්තූරයක්. අච්චාරු කිව්වාම ඉතින් අමුතුවෙන් කියන්න ඔ්න නැහැනේ. වචනේ ඇහුවත් කේට ග්‍රන්ථි සක්‍රිය වෙලා රස නහර උත්තේජනය වෙනවා.

කොහොමින් කොහොස හරි උදාරිට අච්චාරු ලෑල්ලක් මුණගැහිලා තියෙනවා. මේ අච්චාරු ලෑල්ල නම් හරිම පො‌හොසත් එකක්. පාට පාට නානාමාදිලියේ අච්චාරු වලින් පිරිච්ච මේ අච්චාරු ලෑල්ල දැක්කොත් ඔයාලටත් දොලක් ඉපදෙන්න බැරි නැහැ.

මට ඔ්නේ වෙරළු ඒකයි, දිවුල් එකයි, ජම්බු එකයි. ඔයාලාට මොනාද ඔ්නේ,‍

කටට කෙල උණන අච්චාරු ලෑල්ලේ සෙල්ෆියක් එක්ක උදාරි මේ කැප්ෂන් එකත් දානවා. අච්චාරු කන්න ආස හිතුන ගොඩක් අය උදාරිගේ පින්තූරයට කමෙන්ට් කරලත් තිබුණා. සාමාන්‍යයෙන් බඩ දරු අම්මලාටත් අච්චාරු කන්න හිතෙනවා කියනවා නේ. අච්චාරු කන්නේ ඒ වගේ වෙලාවට කියලා තමයි පැරණි ගම්වල උදවිය නම් කියන්‌නේ.

එහෙමයි කියලා මේ වගේ පංකාදු අච්චාරු ලෑල්ලක් දැක්කාම දොලක් උපදින්න නම් ගර්භනියක් වීම අදාලම නැහැ. උදාරි පින්තූරයක් පළ කරලා ඇයගේ රසවතුන් බොහෝ පිරිසකට අච්චාරු කෑමේ දොලදුක ඇති කරලා තියෙන බව නම් කියන්නම වෙනවා.

Udari kaushalya Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close