
Udari Kaushalya’s New Love Exclusive from Starfriends.lk
අපි මෙයාව අඳුන්වලා දෙන්න ඕන කොහොමද? අඳුන්වලා දෙන්න උවමනාවකුත් නෑ දන්න අය නම් ඕනවටත් වඩා හොඳින් මෙයා ගැන හොඳින්ම දන්නවා. මෙයා තමයි උදාරි …උදාරි කෞෂල්‍යා. එහෙම කියලත් බැහැනෙ ඉතින් නේද. ඕනම දෙයක පිලිවෙලක් තියනවනේ, කවුද? කොහොමද? කින්ද, මන්ද කියලා. මෙයා මේ දවස්වල නම් දෙරණ T.V. එකේ රාවණා Teledrama එකේ හේමප්සරාවෝ චරිතය තමයි කරන්නෙ. ඉස්සෙල්ලා නම් සෙන්ට්ග්‍රේඩ්ස්ලා කරපු සින්දුවක visuwal එකක් කරලා තියෙනවා. ඉන්පස්සේ මලී ටෙලියේ හිටිපු උදාරී අවසානේ තමයි දැන් රාවනා drama එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. කොහොමත් මෙයා රංඟනයට නම් සම්බන්ධවෙලා තියෙන්නේ මලී නාට්‍යයෙන් කියලයි කියන්නේ. මියුසියස් ගියපු කෞෂල්‍යා ජ’පුර කැම්පස් එකට තේරුණත් දැන් study කරන්නේ colombo campus එකේ. ඔයාලට මතක ද , හැරී කුමාරයා මේගන්ව marry කරපු වෙලාවේ fb පෝස්ට් එකක් දාලා තිබ්බා. ඒකෙදි නම් සම්පූර්ණයෙන්ම කියලා තිබ්බෙ වෙනම කතාවක්. හැරී කුමාරයාටවත් මේගන්ටවත් කිසි දෙයක් නොකිව්වට ගෙවල් වලට වෙලා බිබී ඉන්න පිරිමින්ට නම් හොඳට කියලා තිබ්බා. පහුගිය අතීතය ගැන නම් උදාරී (Udari Kaushalya) ඉන්නේ එතරම් සතුටකින් නෙවෙයි. එයා හිතපු තරම් එයාගේ ලෝකය සුන්දර වුණේ නෑ කියලා තමයි කියන්නේ. ඒත් දැන්නම් කාටවත් කරදරයක් නැතුව පොළොවේ පය ගහලා ඉන්නවා කියලත් උදාරී කියනවා ඒ වගේම ආදරේ ආරම්භය හිතන තරම් සුන්දර නැහැ කියලත් කියනවා.
කොහොම වුණත් බාධක හැල හැප්පිලි හැම දෙයක්ම මිනිස්සුන්ටනේ වෙන්නෙ. මේ දේවල් වලින් තමයි මිනිස්සු ආයෙමත් ගොඩනැඟෙන්නේ. ඔන්න දැන් හැමදේකින්ම පස්සේ උදාරී කියනවා එයාට දැන් එයා ජීවත්වෙනවා දැනෙනවාය කියලා.
ඒ කියන්නේ ඉතින් ජීවිතයේ අලුත් වෙනසක් වෙලා තියෙන්නෙ ඕන. නැත්තන් ඉතින් උදාරිට එහෙම කියන්න හේතුවක් නෑනේ නේද? ඉතින් ඒ ගැන හොයලා බලන කොට තමයි අපට ඇත්තටම ඒ විස්තර දැනගන්න පුළුවන් වුණේ. අපි හිතුවා හරි, උදාරිටත් දැන් ආදරය කරන කෙනෙක් ඉන්නවලු. දන්නවද එයා දැන් ආදරේ කරන්නෙ කාටද කියලා. වෙන කාටවත් නෙවෙයි, උදාරි (Udari Kaushalya) කියන විදියට නම් එයා ආදරේ කරන්නේ දැන් තමන්ටම විතරලු.
Udari Kaushalya’s New Love Exclusive from Starfriends.lk