
ආදරය කියන්නෙත් මාර දෙයක්නෙ. ඒකෙ මාර කම වැඩි වෙන්න වැඩි වෙන්න තමයි වටිනාකමත් වැඩි වෙන්නේ. හැබැයි ඉතින් ගොඩක් අය ආදරේ කරාට ආදරය ගැන කියන්න නං කැමති නෑ. ඒ ඇයි කියන්න ඉතිං අපි දන්නෙත් නෑ. සමහරුන්ට කියන්න ලැජ්ජ ඇති. එහෙමත් නැත්තං වෙන මොකක් හරි හේතුවක් ඇති. ඒ වුණත් ඉතින් තමන්ගේ ආදරය ගැන පරණ විස්තර ගැන කියන්න කැමති අයත් ඉන්නවා. නයෝමි කියන්නේ අන්න එහෙම තමන්ගේ පරණ ආදරේ විස්තර ගැන කිව්ව කෙනෙක්. නයෝමි ගේ ගම අනුරාධපුරය. ඉතිං ඔන්න මෙයා දැන්මේ කියලා තියෙන්නේ අනුරාධපුරයේ ආදරයක් ගැන. හැබැයි ඒකත් ඉස්කෝලේ යන කාලේ එකක්. මෙයා නම් දැන් කියන්නේ එයාට දැන් එහෙම ආදරයක් නැහැයි කියලා. එයා පෙම්වතියක් නෙවෙයිලු. අවුලක් නෑ ඉතින් ඒක කියල තියෙන්නෙත් එයාමනෙ. ඒ හින්දා ඉතිං ඒක අපිට අහන්න සිද්ද වෙනවා මොකද තමන් ගැන කියලා තියෙන්නේ තමංමනෙ. ඒත් ඉතිං එයා කියලා තියෙන්නෙනම් ආදරේ කරද්දි සල්ලි අනම්මනං වැඩක්ම නැහැලු. එයාට ඕන අවංක කමයි , විශ්වාසයයි, දෙන්නා දෙගොල්ලන්ගේ පවුල්වලට දෙමව්පියන්ට ආදරේ කරන එකයිලු. ඉතිං ඔන්න දැන් පෙම්වතියක් නෙමෙයි කියන නයෝමි එයාගෙ පරණ ආදරේ කතන්දර ගැන කියලා තියෙන්නේ මෙහෙමයි.
මුලින්ම එයාගෙන් කොල්ලෙක් යාලු වෙන්න ඇහුවෙි පහේ පන්තියෙදිලු. නිකමට ඔයාලා හිතලා බලන්නකො ඒ ලව් එක ඒ දවස්වලම පත්තු වුණා නම් කොහොම තියේවිද කියලා. පත්තු වුණා නම් නෙවෙයි පත්තුවෙලා තියෙනවා ඒත් ඉතින් ඒ අපි හිතන විදිහට නෙවයි. ඒ කොල්ලගෙ ප්‍රේම ආරාධනාව කොයිතරම් ප්‍රේමණීයද කියලා කිව්වොත් නයෝමී බය වෙලා ගෙදර ගිහින් අම්මට කියලා ආයෙ පන්ති යන්නත් බැහැයි කිව්වාලු. ඊට පස්සේ නයෝමිගේ අම්මා ඒ කොල්ලගෙ අම්මට විස්තරේ කියලා problem එක සෙන්ටිමෙන්ටල් කරලා දුන්නලු. ඊට පස්සේ ඉඳන් ඉතින් ඒ ළමයා මෙයාගෙන් මුකුත් ඇහුවෙත් නැහැලු. කොහොම වුණත් නයෝමිගේ අම්මා නම් කියන්නේ මෙයා හිතුවක්කාර කෙල්ලෙක් කියලලු. ඒ කතාව එහෙම වෙනකොට අනිත් ලව් එක ගැන කතාව පටන් ගන්නෙ ස්කූල් බස් එකෙන්. ඒ පාර නම් මෙයාගේ හිත ගිහිල්ල තිබ්බලු බස්එකේ යන අයියා කෙනෙක් ගැන.එයත් මෙයා දිහා බලනවලු. මෙයත් එයා දිහා බලනවලු මේකේ final result එකවෙලා තියෙන්නෙ දෙන්නටම හොරෙන් හීන් ලව් එකක් පටන් ගත්ත එකලු. අන්තිමේදී ඉතින් ඒ අයියා කැම්පස් එකට තේරිලා යන්න ගියාලු. මෙයත් ඒ ලෙවල් වලට වෙන ඉස්කෝලෙකට ගියාලු. බස් ලව් එක එතනින්ම ඉවරලු.