Daily News
Trending

ඉස්සර ඉඳන්ම ජනප්‍රිය වීමේ උණක් හැදුනේ නෑ – ඉසුරු ලොකු හෙට්ටිආරච්චි




Act කරන්න ආපු නළුවෙක්ට උසට මහතට සෙට්වෙන විදියට කට හඬත් තිබ්බනං තමයි වැඩේ හරියටම නැගලා යන්නේ. වැඩේ හරියටම නැගලා ගියාට ඉතින් වැඩේ තියෙන්නේ ලංකාවේ ගොඩක් නළුවන්ට එහෙම ගතියක් නැති එකනේ. එහෙම නළුවො නැති උනත් කලාතුරකින් හරි හදිසියකට එහෙම එකක් දෙකක් සෙට් වෙනවා. අන්න එහෙම ලංකාවේ ෆීල්ඩ් එකට සෙට් වුණ character එකක් තමයි ඉසුරු ලොකු හෙට්ටිආරච්චි කියන්නේ. මේ දවස් වල ඉසුරු ටිකක් විතර බිසී. මොකද ටෙලිවල වැඩ වලට විතරක් නෙවෙයි ෆිල්ම් එකක් දෙකකුත් සෙට් වෙලා තියෙන නිසා. ඒ දේවල් එහෙම වෙනකොට කොහොමත් ඉතින් ෆීල්ඩ් එකට කවුරුහරි ආවට පස්සේ ඒගොල්ලෝ යන්නේ ජනප්‍රියත්වය පස්සේමනෙ. ඒක ඇවිල්ලා ගොඩක් දෙනෙක්ට තියෙන ලෙඩක්. මේ ලෙඩේ බෝ වුණොත් නම් ඉතින් හොඳ කරගන්න එක ලේසි වෙන්නේ නෑ. ඒත් ඉතින් ජනප්‍රියත්වය ගැන නම් ඉසුරු කියන්නේ වෙනම කතාවක්.

ඉසුරුටනම් කවදාවත් ඒ වගේ හීනයක් තිබිලා නෑලු. එයාට කොහොමත් ජිවත් වෙන්න වුවමනා වෙලා තියෙන්නේ සාමාන්‍ය මිනිහෙක් විදිහටලු. සමහරුන්ට වගේ එක එක දේවල් එයාට හිතෙන්නේ නෑලු. ඒ කියන්නේ පාරේ යනකොට යන යන කෙනා එයා දිහා බලන්න ඕන හිනා වෙන්න ඕන කියලා එකක් නෑලු. ඒවගේම කරන කරන දේවල් හැම දෙයක්ම, FB දාන්න කියලා එයාට උවමනාවකුත් නෑලු. මෙයා මේ හැමදේම කරන්නෙ කරන්නේ ජනප්‍රියත්වය කියන දේ පස්සෙන් යන්න නෙවෙයිලු. මෙික කරන්නේ හිතේ තියෙන තෘප්තියටලු. පදික වේදිකාවෙ බිස්නස් කරලා, ආමි එකේ ඉඳලා රස්සා කීපයක්ම කරපු ඉසුරුට මොන හැමදේම කරත් ආත්ම තෘප්තිය කියන දේ තියෙන්නේ තියෙන්නෙ කලාවෙ කියලලු හිතෙන්නෙම. එයා ජනප්‍රියත්වය කියන දේ පස්සේ පන්නන කෙනෙක් නෙමෙයිලු. එයාට ඕන මොන දේ කරත් ඒ වැඩේ සාර්ථකත්වය විතරයිලු.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close