GossipsHollywood & Bollywood
Trending
ඉන්දීය ක්‍රිකට් පිටියේ සුරූපිනිය මන්දනා සංගක්කාර නිසා ජීවිතය වෙනස් කරගෙන.

මන්දනා ස්ම්‍රිති කියන්නේ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ආරම්භක පිතිකාරිනිය. තවමත් අවුරුදු විසි එකක තරුණියක් වන ඇය රූපය නිසා මුළු ඉන්දියාවම වසඟයට ගෙන හමාරයි. සුරූපී මන්දනාගෙ පිතිකරණය ක්‍රීඩා ලෝලීන්ගේ කතාබහට ලක්වන්නෙ නිතැතින්මයි. 2016 වසරේ පැවැති කාන්තා ලෝක ශූර ක්‍රිකට් තරඟාවලියේදී මන්දනා ශතක තුනක් ලබා ගන්නට සමත් වෙනවා.
සුරූපී ක්‍රිකට් ක්‍රීඩිකා මන්දනා පසුගිය දවසක මාධ්‍ය අමතමින් සුවිශේෂී හෙළිදරව්වක් කරනවා. ඇය ඇගේ පිතිකරණ ඉරියව් සොයාගන්නේ සංගක්කාර දිහා බලා සිටිමින් කියලා තමයි ඇය කියන්නේ. ඇය ඉතාම කැමති ක්‍රීඩකයන් අතරින් සංගක්කාර ඉදිරියෙන්ම ඉන්නවා.
මන්දනාගේ පිතිකරණය දිහා බලාගෙන හිටපු ක්‍රීඩා ලෝලීන් පවා ඇය සංගක්කාරව අනුකරණය කරන බව කියන්න පටන් ගත්තා. කොහොම වුණත් ඒක ඇත්තක් නම් ඒ ගැන අපිට තියෙන්නෙ නිහතමානි ආඩම්බරයක් වගේම සතුටක්.