Veere Di Wedding කියන්නෙ මේ දිනවල බොලිවුඩයේ බොහෝ දෙනෙක් අතර සංවාදයක් ගොඩනගන්න සමත්වුන සිනමාපටයක් වී අවසන්. ජුනි 1 වෙනි දා සිට තිරගත වීම ආරම්භ වූ වේ චිත්‍රපටය ගැන හොද වගෙම නරක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.
පාසල් අවදියේ පටන්ම මිතුරියන් වු යුවතියන් සිව් දෙනෙකුගේ කතා එකතුවකින් මෙ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙනවා. යෝජිත විවාහයන්ට ඇති අකමැත්ත, සිරුරේ බර පිලිබද ප්‍රශ්න, නිශ්පල වියදම් දරන විවාහ උත්සව, දෙමාපියන්ගේ වැඩිහිටියන්ගේ උපදෙස් ලබාදීම, වැනි කාන්තාවන් අපහසුතාවයට පත් කරන සමාජ ප්‍රශ්න මේ සිනමා පටයෙන් විවේචනාත්මකව සාකච්චාවෙනවා.
ඒ වගෙම අසභ්‍ය වචන, මත්පැන් දුම්වැටි පානය, ස්වං වින්දනයේ නිරතවීම වැනි ඉන්දියානු සමාජයේ කාන්තාවන් විසින් නොකල යුතුයැයි සම්මත දේ සිනමාපටය තුල කතාබහ කර තිබිම ගැන මේ වෙන්කොට බොහෝ දෙනෙක් විවෙචනාත්මකව කතා කරන්නාපටන්ගෙන තියෙන්වා.
කරීනා කපූර්, සෝනම් කපූර්, ස්වාරා බාස්කර් රංගනයේ යෙදෙන මේ සිනමාපටය ඉන්දියානු සමාජය කැලබිමකට ලක්කරන්න මේ වෙනකොට සමත්වෙලා තියෙන්වා වගෙම ආතැම් මිත්යාමත් බිදහෙලන්නටත් සමත්වෙලා තියෙන්වලු.