
අනුරුද්ධ ජයසිංහගේ “ගින්නෙන් උපන් සීතල” චිත්‍රපටය ඔස්කාර් සම්මාන උළෙල නියෝජනයට සුදුසුකම් ලබා ඇති බවට පුවතක් මේ වනවිට පළවෙනවා. මේ පිළිබඳව අපි කළ සොයා බැලීමේදී අපට දැනගන්න ලැබුණෙ මෙන්න මෙවැනි කාරණා ටිකක්.
ඔස්කාර් උළෙලට චිත්‍රපට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් කටයුතු කර ඉන්දියානු චිත්‍රපට ප්‍රවර්ධන සමාගමක් “ගින්නෙන් උපන් සීතල” චිත්‍රපටය නරඹනවා. ඊට පස්සේ ඔවුන් තීරණය කරනවා මේ චිත්‍රපටය “හොඳම චිත්‍රපටය” කියන ඛාණ්ඩය යටතේ ඔස්කාර් සඳහා ඉදිරිපත් කරන්න. ඔස්කාර් සම්මාන උළෙල වට කිහිපයක් ඔස්සේ පැවැත්වෙනවා. ඒ අනුව ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයට පළමු වටයක් නියෝජනය කරන්න තමයි මේ විදියට අවස්ථාව ලැබෙන්නෙ. ඒ අතරේ සීමිත කාලයක් මේ චිත්‍රපටය ඇමරිකාවේ තිරගත කරන්නත් නියමිතයි.
ලංකාවේ සිනමා පටයකට මීට කලින් මේ අවස්ථාව ලැබිලා තිබුණෙ නෑ. ඒ නිසා මේ අවස්ථාව අපි ලැබූ ජයග්‍රහණයක්. ඉතිං අපි ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයේ ශිල්පීන් හැමෝටමත් අධ්‍යක්ෂ අනුරුද්ධ ජයසිංහටත් උණුසුම් සුබපැතුම් එකතු කරනවා.