Daily News
Trending

ඉතාලියෙදි කසාද බැඳපු දුෂ්‍යන්ත් මංගල්‍යයේ අපූරු සිදුවීම් ගැන කතා කරයි…




අම්මයි තාත්තයි විවාහවුණ පල්ලියේ විවාහවෙන්න තියෙන ආසාවට ඉතාලියට ගිය දුෂ්‍යන්ත් සහ ස්ටෙෆනි ලංකාවට ඇවිත්…

ස්ටෙෆනි සිරිවර්ධන සහ දුෂ්‍යන්ත් වීරමන් පහුගිය දවසක ලංකාවට ආවා. ඒ ඉතාලියේ සිදුවූ විවාහ මංගල්‍යයෙන් පස්සේ.

අම්මගෙයි තාත්තගෙයි විවාහය සිදුවූ පල්ලියේදීම විවාහය සිදුවෙනවා දකින එක ස්ටෙෆනිට කාලයක් තිස්සේ තිබුණ හීනයක්.

ඉතිං දුෂ්‍යන්ත් එක්ක ආදර සම්බන්ධය ඇතිවෙද්දිත් ස්ටෙෆනිට මේ හීනය තිබුණා. ස්ටෙෆනිගේ ඉල්ලීම ඉටු කරන එක තරමක් අසීරු වුණත් දුෂ්‍යන්ත් ඇගේ ඉල්ලීමට එකඟ වුණා. මොකද දුෂ්‍යන්ත් කල් තියා විවාහය සැලසුම් කරපු කෙනෙක් නෙමෙයි.

මේ විවාහ මංගල්‍යයට ආරාධනා ලැබුණ සියල්ලන්ටම ඉතාලි යන්න සිදු වුණා. දැන් දුෂ්‍යන්ත් සහ ස්ටෙෆනි ලංකාවට ඇවිත් ඉන්නෙ. දිගටම ලංකාවේ ජීවත් වෙන්න අදහස් කරගෙන තමයි මේ නව යුවල ලංකාවට එන්නෙ.

ඉතාම සුන්දර දවස් කීපයක් ඉතාලියේ ගත කිරීමෙන් පස්සේ ස්ටෙෆනි සහ දුෂ්‍යන්ත් ලංකාවට එනවා. දුෂ්‍යන්ත් ගේ උපන්දින සාදයත් ඉතාලියේදි සමරන්න ලැබුණා කියලා අපිට දැනගන්න ලැබුණා. මේ සියල්ල ඔවුන්ගේ ජීවිතයේ සුන්දර මතක සටහන් වනු ඇති බවට අපි විශ්වාස කරනවා. ඉදිරියෙදි අලුත් ගීත නිර්මාණයක් එක්ක දුෂ්‍යන්ත්ව මුණගැහෙන්න හැකිවෙයි කියලත් අපි විශ්වාස කරනවා.

Show More
Close