Daily News
Trending

ඉඩක් ලැබුණ ගමන් සඳනිගේ හිත දුවන තැන. – සඳනි ප්‍රනාන්දු




ලංකාවේ ගොඩාක් තරුණයින්ගේ හිත සඳනි ළඟ නතර වෙන කොට සඳනිගේ හිත නතර වෙන්නේ වෙන තැනක.

ඒ තමයි සඳනි රංඟනයෙන් සහභාගී වූ පළමු මියුසික් වීඩියෝව. එහි ගීත ගායනා කරන්නේ පියත් රාජපක්ෂ. ගීතයේ නම ප්‍රියාවී. සඳනි අද වෙන කල් හැමදාම වගේ ප්‍රියාවී අහලා තියෙනවලු. කොහේ කොහේ ගියත් ඉඩක් ලැබුණ සැනින් සඳනිගේ හිත නතර වෙන්නේ ප්‍රියාවී ළඟලු.

මේ දවස්වල සඳනි, දියා කියලා පිටසක්වල ජීවියෙක්ගේ ඇක්ට් එකක් කරනවා. ඒ වගේම සඳනිව දැන්වීම් ඔස්සේත් නිතර නිතර මුණගැහෙනවා.

තවම සඳනිට වයස අවුරුදු 20යි. විවාහය ගැන ලොකු අදහසක් නැති වුණත් 26 දි විතර විවාහ වන බව ඇය කියනවා.

සාමාන්‍යයෙන් සඳනිට ටිකක් කේන්ති යනවා. ඒ වගේම වැඩි කතා නැති කෙනෙක්. උසස්පෙළට කොමස් කරපු සඳනි තව දුරටත් අධ්‍යාපන කටයුතු වල නිරත වෙනවා. ඒ ඇයගේ උපාධිය වෙනුවෙන්.

සඳනි හුඟක්ම කැමතියි ඇගේ ජීවිතයේ පරමාදර්ශී චරිත මුණගැහෙන්න. ජැක්සන් ඇන්තනී කියන්නේ එහෙම සඳනිට මුණගැහුන වීරයෙක්.

ජීවිතය කියන්නේ සැප දුක එක වගේ අත්විඳින්න සිදුවන දෙයක්. සඳනි ජීවත් වන්නේ ඒ අවබෝධයත් එක්ක.

Tags
Show More
Close