Daily News
Trending

ඉක්මන් ගමන් ගිය සුනිල් ප්‍රේමකුමාර.




ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ සිනමා දිවියේ එක්තරා සංධිස්ථානයක් වූ මඩොල්දූවට දඟයා ලෙසින් සම්බන්ධ වූයේ සුනිල් ප්‍රේමකුමාරය. ඒ එක්දහස් නවසීය හැත්තෑ හය වර්ෂයේදීය.

මෙලෙස සිනමාවට පිවිසුන සුනිල් ප්‍රේමකුමාර මහතා ජනප්‍රිය සිනමා නිර්මාණ කිහිපයකින් ප්‍රේක්ෂක ආදරය දිනාගත්තේය.

කෝ හතුරෝ, මමයි රජා, චන්ඩි රජා, ඇරසොයිසා, දිනුම, හිතට දුකක් නැති මිනිසා ආදී ජනප්‍රිය ධාරාවේ සිනමා නිර්මාණ රැසකට දායකත්වය දුන් අතර ඊට පසුව පුංචි තිරයටද පැමිණියේය.

කාලයක් යනතුරුම මෙගා රැල්ලට හසු නොවූ සුනිල් ප්‍රේමකුමාර පුංචි තිරයේ මතක හිටින චරිත රැසක් නිරූපණය කරන්නට ද සමත් විය.

ඉතා නිහතමානී සුන්දර මිනිසකු වූ සුනිල් ප්‍රේමකුමාර මහතා මියයන විට හැට දෙවැනි වියේ පසු වූ අතර ඒ මහතාට උතුම් වූ නිවන් සුවය අත් වේවායි ප්‍රාර්ථනා කරමු.

Tags
Show More
Close