Daily News
Trending

ඇස් බැඳලා බෙල්ලෙ බෝඩ් එල්ලලා මිණිගංදෑල සෙට් එක තිසුරිට දීපු සප්‍රයිස් එක.




මිණිගංදෑල දීර්ඝ කතා මාලාවක් ලෙසින් අති සාර්ථකව ඉදිරියට ගලාගෙන යනවා. අතරමගදි මේ කතාවට සාරංගයි දිනක්ෂියි සම්බන්ධ වෙනවා. දවසක් රූගතකිරීම් අතරතුර වෙච්චි සිදුවීමක් ගැනයි මේ කියන්න හදන්නේ.

මිණිගංදෑල රූගතකිරීම් වලින් තිසුරිට ටික දවසක් ඈත් වෙලා ඉන්න සිදුවුණා. ඒ ඇගේ විවාහ මංගල්‍යය සිදුවුණ නිසා. ඉතිං ඊට පස්සෙ ආයෙත් තිසුරි ලොකේෂන් එකට එනවා. ඒ ආපු ගමන් දන්නැද්ද ඉතිං කට්ටියගෙ වැඩ. පොඩි සප්‍රයිස් එකක් දෙන්න සූදානම් කරලා.

තිසුරිගෙ ඇස් දෙක බඳින්නෙ ටයි පටියකින්, බෙල්ලෙ බෝඩ් එකකුත් එල්ලලා තිබුණා. ඉතිං තිසුරිව අරගෙන එන්නේ කේක් ගෙඩියක් එහෙම තියලා තිබුණ මේසයක් ළඟට. ටයි පටිය ගලවලා කේක් ගෙඩිය දැක්ක ගමන් තිසුරි අහන්නේ අද මගේ බර්ත්ඩේ එකද කියලා. ඊට පස්සෙ තිසුරි බෙල්ලෙ එල්ලලා තිබුණ බෝඩ් එක බලනවා. එතකොටනේ දැක්කෙ. ඒකෙ ලියලා තිබුණේ “JUST MARRIED ” කියලා. ඔන්න ඉතිං තිසුරි ඊට පස්සෙ දැනගන්නවා කේක් කපන්න වෙන හේතුව. අන්තිමට තිසුරි කේක් ගෙඩිය කපලා ඉස්සෙල්ලම කෑල්ල එයා කනවා. ඊට පස්සෙ උද්දික, සාරංග, දිනක්ෂි ඇතුළු මිණිගංදෑල පිරිවරට කේක් කවනවා.

කට්ටිය නම් කිව්වෙ තිසුරිට එහෙම ස්ප්‍රයිස් එකක් දුන්නෙ L බෝඩ් ගැලවීමේ ප්‍රීතිය නිමිත්තෙන් කියලා. කොහොම හරි ඉතිං ඒ සප්‍රයිස් එකත් නරකම නෑ කියලයි වීඩියෝව බැලුවම අපට හිතුනේ.

Tags
Show More
Close