GossipsHollywood & Bollywood
ඇස් ගහන්න ගිහිං නඩු දාගත්ත ප්‍රියා ප්‍රකාශ්ට ලැබුණ ආන්දෝලනාත්මක නඩු තීන්දුව.

මලයාලම් චිත්‍රපට ගීතයක ඇසිපිය ගසමින් ඉඟිබිඟි පාන සුන්දර යුවතියක් නිසා ඉන්දියාව විතරක් නෙමෙයි අපේ රටෙත් විශාල ආන්දෝලනයක් ඇතිවුණා.
ඇය නමින් ප්‍රියා ප්‍රකාශ් වරියර්. මේ දර්ශණය නිසා සමාජ ජාල මාධ්‍යයෙන් ප්‍රියා ප්‍රකාශ් අතිශය ජනප්‍රිය වුණා. ඇගේ ඉඟිබිඟි පෑමට සුවහසක් යෞවනයින් පිච්චිලා ගියා.
ඒත් වැඩි දවස් යන්න කලින් ප්‍රියා ප්‍රකාශ්ට එරෙහිව මුස්ලිම් කණ්ඩායමක් විසින් නඩු පවරනවා. ප්‍රියා ඉඟිබිඟි පාන දර්ශන ඇතුලත් ගීතය පූජනීය ගීතයක් ලු. ඉතිං ප්‍රියාගෙ ඇස් ගැහිල්ලයි ඉඟිබිඟි පෑමයි නිසා ආගමට අපහාස වෙනවලු. මෙහෙම චෝදනා ගොනු කරලා කොහොම හරි Oru Adar Love චිත්‍රපටය තිරගතවන එකත් අත්හිටවනවා.
ප්‍රියා ඇතුළු පාසල් සිසුන් පිරිසක් එහෙම ඉඟිබිඟිපාන එක මුස්ලිම් ආගමට පටහැනියිලු. ඉතිං මෙහෙම චෝදනා කරලා ප්‍රියා සහ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාට විරුද්ධව නඩු පවරනවා.
මේ නඩුව විභාගයට ගත්තේ හැමෝගෙම අවධානය ඒ වෙත ලැබිලා තියෙද්දි. ඉතිං නඩුකාරතුමා සියලු චෝදනා සළකා බලලා මෙන්න මෙහෙම ප්‍රකාශයක් නිකුත් කරනවා.
“යම් පුද්ගලයෙක් චිත්‍රපට ගීතයක් ගයනවා. ඔබට වෙන වැඩක් නැති නිසා ගීතයට එරෙහිව නඩු පවරනවා.”
එහෙම කියපු ඉන්දීය අගවිනිසුරු මිෂ්රා අදාල නඩුව නිශ්ප්‍රභා කරනවා.
ඉතිං පෙබරවාරි මාසේ තිරගත කරන්න තිබුණ මේ චිත්‍රපටය මේ මාසයේ සිට තිරගත කෙරෙනවා. ඒ ආරංචිය නම් ප්‍රියාට ආදරය කරන අතිවිශාල රසික රසිකාවියන්ට අහන්න ලැබුණ ඉතාම සුබ ආරංචියක් වේවි.