Daily News
Trending

ඇයට තියෙන්නේ සංවේදී හිතක් – අමිල අබේසේකර




අමිල අබේසේකර තමන්ගේ ජීවිතයේ සිටින සමීපතමයින් දෙදෙනකු ගැන පුවත්පතකට කියලා තිබුණා. ඒ අතරින් එක් අයකු වන්නේ ඔහුගේ හොඳම මිතුරිය. අනිත් කෙනා ඔහුගේ පෙම්වතිය.

මිතුරියගේ නම තේජා ජයවර්ධන. අමිල කියන ආකාරයට ඇය අමිලගේ මිතුරියක් වන්නේ මිතුරකුගේ මාර්ගයෙන්. තේජා වෘත්තියෙන් ගුවන් සේවිකාවක්. අමිලත් තේජාත් පසුව පෙම්වතුන් බවට පත්වෙනවා. අමිලගේ ජීවිතයේ අඹ යහළුවාත් පෙම්වතියත් යන භූමිකා දෙකම නිරූපනය කරන්නේ ඇය. දැන් තේජා කියන්නේ අමිලගේ දයාබර බිරිය. ඇය තමයි අමිලගේ පෙම්වතිය වන්නෙත්.

අමිල කියන ආකාරයට ඔවුන් දෙදෙනාටම තියෙන්නේ එකම වගේ අදහස්. ඒ නිසා ඔවුන් අතර ප්‍රශ්න නැතිම තරම්ලු. දවසකට වඩා ඔවුන් තරහා වෙලා ඉඳලත් නැහැලු. ඔ්නම තීරණයක් ගන්න යද්දි දෙන්නාගේම අදහස් සමාන නිසා ගැටලු මතුවන්නේ නැහැ කියලාත් අමිල කියනවා.

තේජා හුඟක් සංවේදී කෙනෙක්. ඒ නිසා පොඩ්ඩ බැරිවෙන්න හරියට දුක් වෙලා මානසිකව කඩා වැටෙනවාලු. ˝මම තේජාට කැමැති වන්න පළමුවැනිම හේතුව තමයි තේජා කියන්නේ මහ පොළොවේ පයගහලා ජීවත්වන කෙනෙක් වීම˜

අමිල පුවත්පතකට තම ආදරණීය බිරිඳ ගැන කියලා තිබුණේ ඒ් විධියට.

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close