
උදයන්ති කුලතුංග කියන්නෙ අපේ රටේ සිටින දක්ෂ රංඟන ශිල්පිනියක්. ඇයට සම්භාව්‍යය ගණයේ නිර්මාණවලට සම්බන්ධ වීමේ ධාරිතාවක් තියෙනවා. උදයන්ති සම්බන්ධයෙන් බොහෝ විවේචන මතවාද පවා පලවුණ කාලයක් තිබුණා. හැබැයි ඇයගේ රංඟන කෞශල්‍යය සම්බන්ධයෙන් නම් විවේචන නැහැ. මොකද ඇය දක්ෂයි.
කලාත්මක නිර්මාණයක නිරුවත් වෙන්න සිදුවුණොත් උදාරි ඒ ගැන හිතන්නෙ මෙහෙමයි. ලංකාව වගේ රටකදි නිර්මාණයක අසභ්‍ය දර්ශන සඳහා පෙනී සිටින්න උදයන්ති පොඩ්ඩක් වත් කැමති නැහැ. මොකද ලංකාවේ මිනිස්සු ඒ දේවල් භාරගන්නෙ නරක විදියට. ඒත් ඇමරිකාව වගේ රටක ඉපදුනා නම් ඔය ඕනම දෙයක් කරන්න තිබුණ බව ඇය කියනවා.
උදයන්ති කියන්නෙ නිතර නිතර නිර්මාණ වලින් මුණගැහෙන කෙනෙකුත් නෙමෙයි. ඒකට හෙතුව තමයි උදයන්තිගේ ගාණ ටිකක් සැර වැඩි වීම. ඉතිං උදයන්ති එයාගේ ගාණ කිව්වම ගොඩක් වෙලාවට දුරකථන ඇමතුම් කට් වෙනවාලු.
රඟපානවා කියන්නෙ වඩේ විකුණනවා වගේ ලාබෙට කරන්න පුළුවන් දෙයක් නොවන බව තමයි ඇගේ අදහස.