
Tanasha Hathrasinghe Exclusive from Starfriends.lk
තනාෂා කවුරුත් දන්නා හඳුනන චරිතයක් බවට පත් වන්නේ නිරූපිකාවක් සහ වෙළෙඳ දැන්වීම් රංඟන ශිල්පිනියක් ලෙස කටයුතු කිරීම නිසා. පසු කාලෙක ඇය රංඟන ශිල්පිනියක ලෙස සිනමාවට ද පිවිසෙන අතර මේ මොහොතේ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙස ද තම කුසලතා පෙන්වා තිබෙනවා. රන් දේදුන්න කියන්නේ තනාෂා රඟපෑ සිනමා කෘතියක්. ඇය ෆීල්ඩ් එකට එන්නේ “අනගි” වෙළෙඳ දැන්වීමෙන්.
තනාෂා ලස්සනට සැහැල්ලුවට ඉන්න කැමති කෙනෙක්නේ. ගොඩාක්ම වෙලාවට කොන්ඩේ රිලැක්ස් එකේ දාගෙන පොඩි ගවුමක් ඇඳලා ඉන්න තනාෂා ප්‍රිය කරනවා. ගෑනු ළමයි ෂොපින් කරන්න ආස වුණත් තනාෂාගේ ඇඳුම් පැළඳුම් ගේන්නේ එයාගේ නංගිලා සහා අම්මාලු. අදාල ඇඳුමේ පොටෝ එකක් යැව්වාම තනාෂා ඒක හොඳයිනම් කියනවාලු. ඊට පස්සේ නංගිලා තනාෂා වෙනුවෙන් ඇඳුම අරගෙන එනවාලු. ඔහොම තමයි තනාෂා ෂොපින් කරන්නේ.
ඇඳුමක් අඳින්න කලින් ඔයාලා මොනවා ගැනද සැළකිලිමත් වෙනේ. තනාෂා ඒ සම්බන්ධයෙන් කියන්නේ මේ වගේ කතාවක්.
සාමාන්‍යයෙන් අපි ඇඳුමක් අඳින්න කලින් හොඳට හිතලා බලන්න ඕනේ. ඉස්සෙල්ලා තමන් කවුද කියන අවබෝධය තියෙන්න ඕනේ. තනාෂා ඒ අවබෝධයට අනුව තමයි ගැලපෙන විලාසිතාව තෝරගන්නේ. එතැනින් පස්සෙත් අපි ඇඳුමක් අඳින්න කලින් හිතන්න වුවමනා කාරණා කීපයක් තියෙනවා. අපි මේ විලාසිතාව කරන්නේ කොයි වගේ ස්ථානයකටද? ඒ අවස්ථාව මොකක්ද සහ ඊට සහභාගී වන්නේ කවුද.? මේ කියන කාරණාත් විලාසිතා කරද්දි වැදගත් වෙනවා.
කොහොමටත් තනාෂා නම් කරන්නේ එයාට ගැලපෙන විලාසිතා තමයි. ඕනවට වැඩි විච්චූරණ නැතිව සැහැල්ලුවෙන් ජීවත් වෙන්නයි තනාෂා වැඩි කැමැත්තක් දක්වන්නේ.
Tanasha Hathrasinghe Exclusive from Starfriends.lk