Daily News
ඇඳුමට, නර්තනයට ෆේස්බුක් පෝස්ට් හදපු අයට උත්තර දෙන්න ටීනා සූදානම්…
කන්‍යාවියන්ට සහ පිරිසිදු පිරිමින්ට ඉස්සරහට එන්නලු...
පහුගිය දවස්වල සමාජ ජාල මාධ්‍යයේ පුවත් මවන්න සමත්වූ චන්දිමාල්ගේ උපන්දින සාදයක් ගැන ඔයාලට මතකයිනෙ.
මේ සාදයේදි වඩාත්ම කතාබහට ලක් වූ කිහිපදෙනෙක් හිටියා. විශේෂයෙන්ම ඇඳුම් විලාසිතාව නිසා කතාබහට ලක්වූ අය අතර ටීනා ත් එක්කෙනෙක්. ටීනාගේ ඇඳුම් විලාසිතාව ගැන වගේම නර්තන ඉරියව් සම්බන්ධයෙනුත් විශාල කතාබහක් ඇතිවුණා.
මේ චෝදනාවලට පිළිතුරු දෙන ටීනා එයාගේ ඇඳුම් විලාසිතාව ගැන කරදරවෙන අයගෙන් ඇහුවෙ තමන්ගේ වියදමෙන් ඇඳපු ඇඳුමක් අනිත් අයට ප්‍රශ්නකාරී වෙන්නෙ කොහොමද කියලා. ඒ වගේම ටීනා කියන විදියට මෝස්තර නිරූපිකාවක් ලෙස බිකිනියකින් පවා සැරසෙන්න තමන්ට සිදුවනවා. අනික් අතට එයාගේ සිරුර ලස්සන නිසා ඇඳුම් විලාසිතාවලින් සිරුර මතු කරන්න උත්සාහ ගන්නවා.
මේ කොහොම වුණත් ටීනාට වගේම සහෝදර ශිල්පීන්ටත් අපහාස කරලා ෆේස්බුක් පෝස්ට් හදපු අයට ටීනා ස්තූති කරනවා. මොකද ඒ හරහා ටීනාට විශාල ප්‍රසිද්ධියක් ලැබුණ නිසා. එහෙම චෝදනා කරන කාට හරි ටීනාගෙන් උත්තර ඕනෙ නම් ටීනා ඒකටත් සූදානම් ලු.
ඒ අනුව ටීනාව ප්‍රශ්න කරන්න කැමති නම් සුපිරිසිදු කන්‍යාවියන් සහ සුපිරිසිදු පිරිමින්ට ටීනා විවෘත ආරාධනාවකුත් කරනවා.