Daily News
Trending

ඇන්තනී ෆැමිලි එකේ බ්‍රයිඩ් ටු බී පාටිය .Exclusive Photos

Anthony Family




Anthony Family Exclusive from Starfriends.lk

ජැක්සන් ඇන්තනී (Jackson Anthony) කිව්වම නොදන්න කෙනෙක් මේ ලංකාවේ ඉන්නවා කියලා හිතන්න අමාරුයි. ඉන්දියාවට බිග් බී නොහොත් අමිතාබ් භච්චන් කොයිතරම් වටිනවා ද ඒ තරමටම නෙමෙයි සමහර විට ඊටත් වඩා අපිට ජැක්සන්ව වටිනවා. ඒකටත් හේතුවක් තියෙනවා. ඔහු අති විශිෂ්ට රංඟන ශිල්පියෙක්. එතැනින් එහාට ඔහු ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ සුවිශේෂී ප්‍රවීණත්වයක් පෙන්වනවා. ගායනය, නරත්නය, රංඟනව, අධ්‍යක්ෂණය, චිත්‍ර කලාව, ඉතිහාසය සාහිත්‍යය පිළිබඳ පතල දැනුම, නිවේදන කලාව, සිනමාව, වේදිකාව, පුංචි තිරය මේ කොයිකත් ජැක්සන් ඇන්තනී කියන පෞරුෂය වටා ඒකරාශී වෙලා තියෙනවා. මේ නිසා ඔහුව නොදන්න කෙනෙක් නැති තරම්. ජැක්සන් මෙන්ම ඇය විවාහ කරගත් කුමාරි මුණසිංහ ද ගායනයට, රංඟනයට බොහෝ සමත්කම් දක්වනවා. මේ පවුලට උපන් දරුවන් තිදෙනාම පියාගේත් මවගේත් අඩිපාරේ යමින් තම තමන්ගේ අනන්‍යතාවක් ගොඩනඟාගෙන ඇති බව අපට පෙනෙන්න තිබෙනවා.

ඇන්තනී ෆැමිලි (Anthony Family) එකට මේ අවුරුද්ද වඩාත් සුවිශේෂී එකක්. හේතුව දැනටමත් ඔයාලා දන්නවා. ඇන්තනී ෆැමිලිඑකේ පැටැවුන් තුන්දෙනාම මේ වසරේ දී ආවාහ විවාහ වන්න නිමිතයි. කල් තියාම ප්ලෑන් කරගෙන හිටපු විධියට මේ මංගල්‍යයන් තුනම එකම දිනක පවත්වන්න හැමෝම එකඟ වෙනවා. වෙඩින් ගන්නවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයිනේ. ඒ අතින් බැලුවාම නම් මේ තීරණය හරිම වාසිදායකයි. සජිත් අනුත්තර, අඛිල ධනංජය සහ මේ පවුලේ වැඩිමහල් දියණිය වන මාධවී මේ විධියට කුලගෙට යාමට නියමිතයි.

මනාලියක් වෙනවා කියන්නේ ඉතාම සුන්දර අත්දැකීමක්. මේ අවස්ථාවට මුහුණදෙන්න කලින් මනාලියක වීමේ සතුට විවිධාකාරයෙන් සමරනවා. බ්‍රයිඩ් ටු බී පාර්ටි කියන්නෙත් අන්න ඒ වගේ සැමරුමක්. ඇන්තනී පවුලට අලුතින්ම එකතුවෙන්න නියමිත ලේලිලා දෙන්නයි, ඇන්තනී පවුලේ එකම දියණියයි තමයි මේ බ්‍රයිඩ් ටු බී පාර්ටි එකට සම්බන්ධ වන්නේ. ඒ සඳහා ඇඳුම් නිර්මාණයෙන් රැෆෙල්ලා ද සම්බන්ධ වී ඇති බව අපට දැනගන්න ලැබුණා. මනාලියන් වීමට සූදානමින් සිටින යුවතියන් තිදෙනාම සුරඟන වෙස් ගෙන ලබා ගත් ඡායාරූප කිහිපයක් මාධනී අන්තර්ජාලයට එක් කර තිබුණා. ඉතින් ළඟදීම කුළගෙට යන මේ තුන්දෙනාටම ස්ටාර්ෆ්‍රෙන්ඩ්ස් වෙතින් සුබපැතුම් එකතු කරනවා.

Anthony Family Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close