GossipsHollywood & Bollywood
Trending

ඇන්ජලීනා දුකට පත්වෙයි. ප්‍රකාශයකුත් නිකුත් කරලා.

Angelina Jolie




Angelina Jolie Exclusive from Starfriends.lk

ඇන්ජලීනා ජොලී පසුගිය දවසක, දින තුනක සංචාරයක් සඳහා බංග්ලාදේශයට පැමිණියා. ඒ එක්සත් ජාතින්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතවරියක් ලෙස. රෝහින්ග්‍යා වල විපතට පත්ව සිටින මුස්ලිම් ජනතාව මිලියනයකටත් අධිකයි. මේ පිරිස භූමියක් හෙවත් රටක් නැතිවීමේ පාපය නිසා කාලාන්තරයක් තිස්සේ දුක් විඳිනවා. ඒ අහිංසක මිනිසුන්ගේ දුක දැකගන්න තමයි ඇන්ජලීනා රෝහින්ග්‍යාවට යන්නේ.

ජොලී රෝහින්ග්‍යාවල පාසල්, රෝහල් ඇතුළු ස්ථාන කිහිපයකම සංචාරය කරනවා. ඒ වගේම බංග්ලාදේශ අගමැතිනී ශෙක් හසීනා සහ විදේශ කටයුතු අමාත්‍යවරයාව මුණගැසී රෝහින්ග්‍යා ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කරනවා.

ජොලී, වර්ෂ 2006 දී සහ 2015දී ද රෝහින්ග්‍යා වල සංචාරය කර තිබුණා. ඇය මෙවර සංචාරය නිමා කරමින් රෝහින්ග්‍යා ජනතාව පිළිබඳව ඉතාම වේදනාවෙන් ප්‍රකාශයක් නිකුත් කරලා තිබුණා. ඇය පවසා තිබුණේ ඒ මිනිස්සුන්ට තිරිසනුන්ට වගේ සළකන බව.

Angelina Jolie Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close