
Angelina Jolie Exclusive from Starfriends.lk
කලාවෙන් යම් ජනප්‍රියත්වයක් අත්පත් කරගත්තාට පසුව දේශපාලනයට සම්බන්ධවන එක සාමාන්‍යයෙන් දකුණු ආසියානු ප්‍රවණතාවක්. විශේෂයෙන්ම ඉන්දියාවේ සහ ලංකාවේ කලාකරුවන් කිහිපදෙනෙක්ම ඒ විධියට දේශපාලනයට ප්‍රවිශ්ට වුණා.
හොලිවුඩ් සිනමාවේ සුපිරි තාරකාවක් වන ඇන්ජලීනා ජොලි ද දේශපාලනයට එන්න සූදානමින් සිටින බවට පසුගිය දිනවල රාවයක් පැතිරුණා. කොහොම වුණත් ඇය දේශපාලනයට එන්නේ මුදල් නිසා නම් වෙන්න බැහැ. මොකද මේ වෙන විටත් ඇය කෝටිපතිනියක් වීම. දේශපාලන බලයට ඇති ගිජුකමත් ඇන්ජිට මේ තීරණය ගන්න හේතුවක් වෙන්න ඇති.
ඇන්ජලිනා ජොලි නැතිනම් ඇන්ජිගේ ජීවන විලාසිතාවට සමකළ හැකි තත්ත්වයේ සුපිරි ජිවිත ගත කරන්නේ අතලොස්සක් පමණයි. ඇය උපත ලබන්නේ 1975 ජුනි 04 වැනිදාවක ලොස් ඇන්ජලීස්වලදී. බෙවර්ලි හිල්ස් උසස් පාසලෙන් උගත් ඈ වර්තමානයේ ඩොලර් මිලියන 15 – 20 අතර වැටුපක් චිත්‍රපටවල රඟපෑම සඳහා අය කරන ප්‍රකෝටිපතිනියක්. චිත්‍රපට අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනයටත් මේ වන විට ඈ අතගසා හමාරයි. ඇගේ මුළු වටිනාකම ඩොලර් මිලියන 240ත් ඉක්මනවා.
ඇය සිනමා නිර්මාණයක රඟපෑමට මිලියන 12ක් අය කළ අවස්ථා ද වාර්තා වෙනවා. සෝල්ට් චිත්‍රපටයට ඇය මිලියන 20ක් අය කර තිබෙනවා. ඈ රඟපෑ සෑම චිත්‍රපටයක්ම පාහේ බොක්ස් ඔෆීස් වාර්තා බිඳ හෙලුවා. ඇගේ දිනක ආදායම අවම වශයෙන් ඩොලර් 50000ක්. එනම් ලංකාවේ මුදලින් ලක්ෂ 91කි. මේ තරම් ධනස්කන්ධයකට උරුමකම් කියන ඇංජලීනා දේශපාලනයට එන්න අදහස් කරන්නේ ඇයි?
ඇන්ජලිනා සතු සුපිරි නිවාස සහ බංගලා අතරින මිලියන 16ක් වටිනා හදවත් හැඩය ගත් දූපත් බංගලාව සුවිශේෂීයි. ලොස් ෆෙලීස්හි පිහිටි ඇයගේ නවීන නිවස මිලියන 15.6ක්. මිලිබූවල පිහිටි වෙරලාසන්න සුව නිවහන මිලියන 13.07ක් වටිනා එකක්. නිව් ඔර්ලියන්ස්වල ද ඇයට මිලියන 5.65ක් වටිනා නිවසක් තිබෙන බවට ආරංචියි.
ඇන්ජි විවිධ වර්ගයේ මෝටර් රථ භාවිත කරනවා. බී.එම්.ඩබ්ලිව්. හයිඩ්‍රජන් 7 ඒ අතර ප්‍රමුඛයි. චැවලට් තාහොයි රථයක් ද ඈ සතුයි. ඒ හැර FORD Explorer, Rang Rover, Jaguar XJ, Audi Q7 සහ පෞද්ගලික හෙලිකොප්ටර් යානයක් ද ඈ සතුයි. ඇයට SR22 Cirrus පෞද්ගලික ජෙට් යානයක් ද ඇති බව දැනගන්න ලැබෙනවා.
ජොනී ලි මිලර් සමඟ 1996 මාර්තුවේ විවාහ වූ ඇය 1999 පෙබරවාරි වන විට දික්කසාද වී ඉන්පසු බිලි බොබ් තොර්න්ටන් සමඟ 2000දී ඇරඹුණු විවාහය පැවැතියේ ද අවුරුදු 03ක් පමණයි. ඇන්ජිගෙර් ඊළඟ තෝරාගැනීම වූයේ බ්‍රැඩ් පිට්. 2014 ඇරුඹුණු ඒ පෙම් කතාවට ද දැන් අවසන් තිත තබා හමාරයි. ජොලී සහ බ්‍රැඩ්පිට් එක්ව ප්‍රජා සත්කාර සේවා සඳහා ඩොලර් මිලියන 08ක් පරිත්‍යාග කර තිබුණා.
ඇන්ජි තමන්ගේම දියණියකට උපත ලබාදුන්නේ 2006දී. 2008දී නිවුන් දරු උපතක් ඇයට ලැබුණා. එමෙන්ම විවිධ භාෂා කතා කරන විවිධ සංස්කෘතික මූලයන් සහිත දරුවන් හය දෙනෙකුගේම භරකාර මාතාව වන්නේත් ඇය.
මුලින්ම ඈ තෝරාගත්තේ කාම්බෝජයේ අනාථ නිවසක සිටි මැඩොක්ස් චිවාන් ව. 2002 වසරේ ඔහු ලබාගන්නා විට යාන්තම් මාස 07ක අතදරුවෙක්. ඉතියෝපියාවේ අනාථ නිවසකින් මාස 6ක් වූ සහාරා මාලේ ඈ තමන් තුරුලට ගත්තේ 2005දී. 2006දී තමන්ගේම දියණිය වූ සිලොහ් නොවර් හට ඈ උපත දුන්නා. 2007දී ඈ හෝ චි මින්ග් නගරයේ අනාථ නිවසකින් තුන් හැවිරිදි පැක්ස් දරුකමට ගත්තා. මේ අසීමිත දාරක ප්‍රේමය නිසාදෝ ඇයට 2008දී නිවුන් දරුවන් ලැබුණා. ඒ අතරින් ක්නොග්ස් ලියෝන් කියන්නේ පුතා. විවියෙන් කියන්නේ දුව.
ඇන්ජි ලොව පුරා මානව හිමිකම් වෙනුවෙන් ද කැප වූ ක්‍රියාකාරිනියක්. ඇය වරක් ලංකාවට ද පැමිණියා. පොත් කියවීම විනෝදාංශය කරගත් ඇගේ ප්‍රියතම ලේඛිකාව අයින් රැන්ඩ්. ප්‍රියතම ග්‍රන්ථය එම්.ජේ. ත්‍රොව් ලියූ ඩ්‍රැකියුලා සොයා යාම හෙවත් VLAD THE IMPALER ග්‍රන්ථය. කළු පාට, ප්‍රියතම පාට ලෙස තෝරාගත් ඇය බුල්ඩෝග් බල්ලන්ටත් ඉතා ප්‍රියයි. ඇගේ මව පියා මෙන්ම වැඩිමල් සොයුරා ද නළු නිළියන් වනවා. අපි මේ සියලු විස්තර ඔයාලට කිව්වේ කටකතා සත්‍යයක් කරමින් ඇන්ජලීනා ජොලී දේශපාලනයට ආවොත් දැනගැනීමක් විධියට.
Angelina Jolie Exclusive from Starfriends.lk