GossipsHollywood & Bollywood
Trending

ආලියා බාත් සිය පියාගේ 70වැනි උපන්දිනය වෙනුවෙන් තැබූ සංවේදී සටහන.




ආලියා බාත්ගේ ආදරණීය පියා බොලිවුඩ් සිනමාවේ සිටින ප්‍රවීණ අධ්‍යක්ෂකවරයෙක්. ඒ වගේම තිර පිටපත් රචකයෙක් සහ චිත්‍රපට නිෂ්පාදකවරයෙක්.

පූජා බාත්, රාහුල් බාත්, ශහීන් බාත් සහ ආලියා බාත් කියන්නේ මහේෂ් බාත්ගේ දරුවන්. මේ අය අතරින් ආලියා බාත් කියන්නේ බාලම දියණිය.

ආලියා බාත් දැන් සිනමාවට අලුත් කෙනෙක් නෙමෙයි. ඒ වගේම ඇය ගායිකාවක් ද වෙනවා.

ආලියා බාත්ගේ තාත්තා , ඒ කියන්නේ මහේෂ් බාත්ගේ 70 වැනි උපන්දිනය යෙදිලා තිබුණේ පසුගිය 20 වැනිදට. ඒ වෙනුවෙන් මහේෂ් බාත්ට ඔහුගේ බාල දියණිය ආලියා බාත්ගෙන් සංවේදී උපන්දින සුබපැතුමක් ලැබෙනවා. ආලියා බාත් ඉන්ස්ටග්‍රැම් ගිණුමේ මේ සටහන පළ කරලා තිබුණේ මෙන්න මෙහෙමයි.

“ආදරණීය තාත්තේ,
ඔයාගේ 70 වැනි උපන්දිනයේදී මම සිහින දුටු ශ්‍රේෂ්ඨතම ත්‍යාගය ඔයා මට ලබා දීලා තියෙනවා. ඔයා මාව අධ්‍යක්ෂණය කරනවා. Sadak 2 කියන්නේ මගේ සිහින සැබෑ වීමක්. මා සිතූ බොහෝ දේ යතාර්ථයක් වුණේ ඔයා නිසයි.

ඉතිං ඔයාට මගේ හද පත්ලෙන්ම, ආත්මයෙන්ම, ඇටමිදුළුවලින්ම, ස්තූතියි තාත්තේ.

මේ අපි අපිවම සොයා ගනිමින් යන ගමනක්. චිත්‍රපට, ජීවිතය, හැඟීම් මේ කිසිවක් නෙමෙයි වැදගත්,

ඔයා සහ මම කියන්නේ පියා සහ දුව. මං හුඟාක් ආදරෙයි මගේ තරුණ තාත්තාට.
සුබ උපන්දිනයක් තාත්තේ! ”

Sadak 2 කියන්නේ මහේෂ් බාත් අධ්‍යක්ෂණය කරන නවතම සිනමාපටය. සංජය දත්, පූජා බාත්, ආදිත්‍ය රෝයි කපූර් සහ අලියා බාත් මෙහි රංඟනයෙහි යෙදෙනවා. 2020 මාර්තු මාසයේදී තමයි මේ සිනමා පටය තිරගත වීමට නියමිතව තිබෙන්නේ.

Tags
Show More
Close