Daily News
Trending

ආදර ගීත ලියපු මනුරංගටත් මංගල කිංකිණි හැඬවෙයි. ඒකත් ජයසිරිම මංගල්‍යයක් වේවා.




නව පරපුරේ ජනප්‍රිය ගේයපද රචකයන් අතර මනුරංග විජේසේකර ඉදිරියෙන්ම ඉන්නවා. ඔහු විසින් රචිත ගී පද අද දවසේ අතිශය ජනප්‍රියයි.

ආදර විරහවේදි ඇස්වලට කඳුළු ගේන්න වගේම තාරුණ්‍යයේ විසේකාරම ගති නලියන හිත් කොනිත්තන්නත් මනුරංගට පුළුවන් වුණා.

හැමෝගෙම ආදර කතා වලට වචන එකතු කරපු මනූ ඔන්න එයාගේ ආදර කතාවටත් තනුවක් දානවා. මේ කතාවේ පෙම්වතිය දිල්තාරා ශලනි. ඒ ප්‍රේම කතාව අලුත් මුහුණුවරකින් ආයෙත් පටන්ගන්නේ මනුරංගගේ විවාහයත් එක්ක.

ලංකාවේ සිටින කලාකරුවන් විශාල පිරිසක් එකතු කරගෙන මනුවගෙ වෙඩින් එක ජයටම පැවැත්වෙලා තියෙනවා. ඒ වගේම ඔහුගේ ෆේස්බුක් ගිණුම පවා මංගල සුබපැතුම් වලින් පිරිලා ඉතිරිලා ගිහිං. ඔයාලත් නිකමට ඒ පැත්තේ ගිහිං බලන්නකෝ. එක එක මාදිලියේ කලාකරුවන්ගේ සුබපැතුම් වලින් ඒ පිටුව පිරිලා ඉතිරිලා.

ඉතිං මනුරංග විජේසේකර කියන හිතුවක්කාර ගේයපද රචකයාගේ අලුත් ජීවිතයට ස්ටාර්ෆ්‍රෙන්ඩ්ස් වෙතින් උණුසුම් සුබාසිංශන එකතු කරනවා. ඒ වගේම ඉදිරියටත් නිර්මානකරණයේ නියැලෙන්න අපි ඔහුට ධෛර්‍යය ප්‍රාර්ථනා කරනවා.

විවාහයෙන් පස්සේ මනුවා අතින් මොන වගේ නිර්මාණයක් එලියට ඒවිද කියල දැනගන්නත් අපි ආසාවෙන් බලාගෙන ඉන්නවා.

Tags
Show More
Close