
Imaya Liyanage Love Story Exclusive from Starfiends.lk
ඉමායා ලියනගේ (Imaya Liyanage) කියන්නේ නිරූපිකාවක් වුණත් මේ වන විට ඇය සිනමාව, ටෙලිනාට්‍ය සහ වේදිකාව කියන ක්ෂේත්‍ර ත්‍රිත්වයම ස්පර්ශ කරන්නට සමත්ව තිබෙනවා.

මේ දවස්වල ඉමායා අපේ ආදරේ ටෙලිනාට්‍යයෙන් දැකගන්න පුළුවන්. සිරසේ මඩොල් කැලේ වීරයා කියලා අලුත් ටෙලි නාට්‍යයකටත් ඇය සම්බන්ධ වෙනවා. ඉමායා රංඟනය වෘත්තියක් විදියට කරන්නේ නැහැ. ඇය මේක තෝරගන්නේ ආසාව නිසා. එකම කාලයේ ටෙලිනාට්‍ය කීපයකට පෙනී සිටින්නත් ඇය කැමති නැහැ.
සාමාන්‍යයෙන් ඉමායා ටෙලි නාට්‍යයක් තෝරා ගන්නකොට තමන්ට ලැබෙන චරිතය, අධ්‍යක්ෂවරයා, නාට්‍යයයේ පිටපත වගේම එකට වැඩ කරන්න සිදුවන සහෝදර ශිල්පීන් ගැනත් සොයා බලනවාලු.
ඇය සිරිතුංග පෙරේරාගේ (Sirithunga Perera) පෝරිසාදයා චිත්‍රපටයට වගේම කුණාටුවේ මාරයා කියන සිනමා නිර්මාණයට මේ වනවිට සම්බන්ධ වී තිබෙනවා. දැනට නම් ඉමායා ආස කරන්නේ දිගටම රඟපාන්න වුණත් ඉදිරියේදී මොනවා වෙයිද කියන්න ඇය දන්නේ නැහැ
ඉමායාගේ විවාහයත් තව අවුරුදු දෙකකින් සිද්ධ කෙරෙනවා කියලා තීන්දු වෙලා ඉවරයි. ඔහු මේ දිනවල නම් ඉන්නේ විදෙස්ගතව. විවාහයෙන් පස්සේ ඉමායත් බොහෝ විට ඉන්දියාවේ යන්න ඉඩ තියෙනවා.
පෙම්වතියක් වුණ ඉමායා ආදරය ගැන කියන්නේ මෙහෙම කතාවක්. ” ආදරය කියන්නේ හදවතට දැනෙන හරීම සුන්දර දෙයක්. ඒ වගේම විඳින්නේ නැතිව විඳවන්න ඕනේ දෙයක්. ඒත් මේ සමාජය ආදරය හරියට අඳුරනවාද කියන ප්‍රශ්නය තියෙනවා. ” මේ විදියට ආදරේ ගැන හැඟීමෙන් කතා කරන ඉමායාගේ ආදරේ නම් ඉන්නේ විදෙස්ගත වෙලා.
ඉමායා රංඟන ක්ෂේත්‍රයට ආපු දවසේ ඉඳලා කැපිලි කෙටිලි එක්ක මේ ගමන යනවා කියලා තමයි කියන්නේ. ඒවා ඉතින් එකම වෘත්තිය කරද්දී ඇතිවෙන සාමාන්‍ය මානසික ප්‍රශ්න. අපි බාධක මැදින් ඉදිරියට යන ඉමාලිගේ ගමනට සුබ පතනවා.





Imaya Liyanage Love Story Exclusive from Starfiends.lk