Daily News

ආදරය වෙනුවෙන් ඕන දෙයක් කරනවා. ඒත් මං ඩබල්ගේම් කාරයෙක් නෙමෙයි – චමීර ලියනගේ




නිරූපණ ක්ෂේත්‍රයෙන් රංඟනයට ආපු තවත් දක්ෂයෙක් තමයි චමීර ලියනගේ. ඔහු වඩාත්ම ආසකරන්නේ රංඟනයට නිසා ඒ පිළිබඳ අධ්‍යනයක ඉන්න ගමන් තමයි රඟපාන්නේ. චමීරගේ සිහිනය වුණේ නළුවෙක් වෙන එකලු. චමීර දැන් ඒ හීනය අත්දකිනවා.

චමීරට කොහොමටත් බොලිවුඩ්වලට සමීප රූපයක් තියෙනවා. මේ දවස්වල වෙස් නාට්‍යයේ ප්‍රධාන චරිතයක් ඔහු නිරූපණය කරනවා. ඒකේ හැටියට නම් ඔහු එපාම කරපු චරිතයක්. ආදරය වෙනුවෙන් නරක විදියට හැසිරෙන කෙනෙක්.

චමීර ඇත්ත ජීවිතයේදි නම් එහෙම කෙනෙක් නෙමෙයිලු. කොටින්ම චමීර කියන්නේ නපුරු කෙනෙක් නෙමෙයි කියලයි ඔහු කියන්නේ. ඒ වගේම ඔහු ඩබල්ගේම් කාරයෙක් නෙමෙයි කියලත් මෑතකදි මාධ්‍යයට කියලා තිබුණා.

මේ දවස්වල චමීරගේ ජීවිතයේ ලොකුම බලාපොරොත්තුව ඉටුකරගන්න ඔහු බලාගෙන ඉන්නවලු. ඒ මොකක්ද කියලා නම් හෙලිකරන්න ඔහු තවමත් සූදානම් නැහැ.

ආදරය වෙනුවෙන් ඕන දෙයක් කරන්න පුළුවන් වුණත් වෙස් නාට්‍යයේ වගේ ළඟම යාළුවාව පාවාදෙන, යාළුවාව විනාශ කරන ජාතියේ දේවල් නම් චමීරට කරන්න බැහැ. ඔහු කොහොමටත් එහෙම කෙනෙක් නෙමෙයි.

චමීර සිනමා නිර්මාණයකටත් දායක වෙලා තියෙනවා. ළඟදි ඒ රංඟනයත් ඔයාලට දැක බලාගන්න ලැබේවි. චමීරට ආසාවක් තියෙනවා සෙබළ චරිතයක් රඟපාන්න. ඉතිං ඒ ආසාවත් ඉක්මනින්ම ඉෂ්ට සිද්ධ වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.

Tags
Show More
Close