
ටික කාලයකට පස්සෙ ආයෙත් කරලියට ආපු උදාරි තමන්ගෙ ජීවිතයේ යම් යම් සිදුවීම් සම්බන්ධයෙන් සුබවාදීව කතා කරනවා.
ඇය දැන් රංඟනයට, ගායනයට වගේම නිවේදන කටයුතුවලටත් නැවත සම්බන්ධ වෙනවා.
පෞද්ගලික ජීවිතයේ සිදුවීම් නිසා උදාරි පහුගිය කාලයේ යම් කළකිරීමක හිටියත් අද ඇය හැමදේ ගැනම සුබවාදීව හිතනවා.
දැන් දැන් උදාරිට විවාහ යෝජනා ද නැතුවම නෙමෙයි. ඒත් උදාරි විවාහය ආදරය වැනි වචනවලට පවා තවම බයයි.
ගින්නෙන් බැටකාපු කෙනා තමයි පිච්චුන තරම දන්නෙ. ඒ වේදනාව දන්නෙත් ඇය. ඉතිං මේ නිසා උදාරි ආදරය කරන්න නම් තවම හිත හදාගෙන නෑ වගේ. ඒත් කාලයත් එක්ක මේ හැම දේම විසඳේවි.
ඉදිරියෙදි උදාරිව සිනමාවෙදිත් දකින්න ලැබේවි. මොකද සිනමා නිර්මාණයක් සම්බන්ධයෙන් සාකච්ඡා මට්ටමේ තිබෙන ආරාධනා දෙකක් මේ වනවිටත් උදාරිට ලැබිලා තියෙනවා