Daily News
Trending

ආදරය අරගෙන ස්ටාර්ෆ්‍රෙන්ඩ්ස් ගියපු රොමෑන්ටික් බෝට්ටු සවාරිය.

Starfriends Romantic Boat Ride 




Starfriends Romantic Boat Ride 

ආදරය මොන වගේද? වෙලාවකට ආදරය කියන්නේ හරියට බෝට් රයිඩ් එකක් වගේ කිව්වොත්…? ඔයාලා ආදරය කරන ස්ටාර්ෆ්‍රෙන්ඩ්ස්ලා එක්ක කහ පාට ඉර එළිය කඩාහැලෙන හැන්දෑවක සීතලම සීතල වතුර පාරක් මැද්දෙන් ආදරණීය බෝට්ටු සවාරියක් යන්න තිබුණා නම් කොහොමද?

ආදරය කියන්නේ අන්න ඒ වගේ අපූර්ව අත්දැකීමකට. ඉතින් ආදර්ණීයයන් එකට මුණගස්වන පෙම්වතුන්ගේ දිනය වෙනුවෙන් ස්ටාර්ස්ලා කිහිප දෙනෙක් එක්ක අපි ආදරණීය බෝට්ටු සවාරියක් ගියා.(Starfriend Romantic Boat Ride)

මේ ගමනට අපිත් එක්ක සචිනි නිපුන්සලා, රොෂාන් රණවන, විනූ උදානි, මාධව විජේසිංහ, සංගීත් ප්‍රභූ, අනුරාධා එදිරිසිංහ, දෙව්නක පෝරගේ, චානුක ප්‍රබුද්ධ කියන ජනප්‍රිය කලා තරු එකතු වුණා. එයාලාගේ ආදරණීය ෆෑන්ස්ල් ලාත් මේ ගමනට අපිත් එක්ක එකතු වුණා.

ආදරණීයයන් එක්ක ආදර නදිය වටේ අපි ගියපු රොමෑන්ටික් බෝට් රයිඩ් එකේ සුන්දරම මතකයක් මේ විදියට ඔයාලා එක්ක බෙදාගන්න අපි හිතුවා.

බෝට් රයිඩ් එකෙන් පස්සේ අපි හැමෝටම ප්‍රණීත ආහාර වේලක් සමඟ රසවත් සන්ද්‍යාවක් ගත කරන්නත් අවස්ථාව උදා වුණා. ආදරණීයයන්ගේ දවස වෙනුවෙන් ස්ටාර්ෆ්‍රෙන්ඩ්ස් වෙතින් තිළිණ කරපු ආදර තෑග්ග තමයි මේ. අපි ආදරය කරමු. ආදරය විඳිමු. ආයෙත් මේ වගේ ආදරණීය හමුවීමකදි ආදරය බෙදාගමු.

 

Starfriends Romantic Boat Ride 

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close