
අපි කොහොම හිතුවත් නැතත් සල්ලි කියන දේවල් එක්ක ලෝකෙ ගොඩක් දේවල් කැරකෙනවා. අන්න ඒක නිසා දුවන තරමට තමයි මීටරේ කැරකෙන්නේ කියලා එක පිම්මට සමහරු සල්ලි පස්සේ දුවන්නත් සෙට් වෙනවා. ඒ ඒ දේවල් ඒ ඒ අයගෙ කැමැත්තට වගේ ඉතින් life එකෙන් වැඩිහරියක් බර දාන්නෙ සල්ලි හොයන්න. හැබැයි ඉතින් එහෙම නොවී තමන්ට ඉබේ සල්ලි ගලාගෙන එන විදිත් තියෙනවා. ඒවට එක්කො Luck එක තියෙන්න ඕන එහෙම නැත්නම් talent එක තියෙන්න ඕන. අන්න එහෙම luck එකයි talent එකයි තියෙන අය තමයි ගොඩක් වෙලාවට ලෝකෙ ඉන්න සල්ලිකාරයො විදියට පෝලිමටම නම් කරන්නෙ. මේ විදියට luck එකයි talent එකයි තියාගෙන සල්ලිත් එක්ක ඉස්සරහට ආපු කෙනෙක් තමයි ආක්ෂේ කුමාර්. ෆෝබ්ස් සඟරාව කියන්නෙ ගිය අවුරුද්දෙ 76 වෙනි තැනට හිටිය ආක්ෂේ මේ අවුරුද්දෙ 33 වෙනි තැනටම ඉහලට ඇවිත් තියෙනවාලු. ඒ කියන්නෙ අවුරුද්දක් තිස්සේ ගේම ගහලා ගහලා ලෝකෙන්ම අවුරුද්දෙ වැඩිම පඩියක් ගන්න 33 වෙනියා තමයි ආක්ෂේ. බොලිවුඩ් වලින් ඉන්න එකම චරිතෙ වෙන්නෙත් ආක්ෂේ විතරයි. ඒ කියන්නෙ ආක්ෂේ ඩොලර් මිලියන 65ක් හොයපු එකත් එක්ක රිහානා, කැටි පෙරී, ක්‍රිස් එවනස්, ස්කාලට්, ලේඩි ගාගා, බ්‍රැඩ්ලි කූපර් වගේ තරු පැත්තකට විසිවෙලා යන්න ගියා.
මේ දේවල් මෙහෙම වෙනකොට රන්වීර් සිං ඉන්නෙ 83. දැන් ඉතින් හැමෝටම හිතෙනවා ඇති නේද අනිත් ඒවා එක්ක බලද්දි ඒක ඉතින් කියන්නත් දෙයක්ද කියලා. ඒත් ඉතින් මේ 83 ආක්ෂේගේ 33 වගේ නෙවෙයි. මේ 83 රන්වීර්ගෙ අලුත්ම ෆිල්ම් එක ගැන. ඒ ෆිල්ම් එකේ අලුත්ම පෝස්ටර් එකක් දැන් පිට වෙලා තියෙනවා. රන්වීර්ගෙ birthday එක දවසෙ තමයි මේ පෝස්ටර් එක එළියට දාන්න කටයුතු සූදානම් කරලා තිබුණේ. කපිල් දේව්ගේ චරිතය මුල් කරගෙන නිර්මාණය වෙන මේ ෆිල්ම් එකේ කපිල් විදියට රන්වීර් act කරනකොට කපිල්ගෙ බිරිඳ විදියට ෆිල්ම් එකේ ඉන්නේ රන්වීර්ගේ wife වුණු දීපිකා පදුකෝන්. කොහොම හරි මේ film එක රිලීස් වෙන්න තියෙන්නෙ 2020 අප්‍රේල් 10 වෙනිදා
Type a message, @name…