Daily News
Trending

අසූව දශකයේ බිහිවූ එළිමහන් වේදිකාවේ සුපර් ස්ටාර්, උපාලි කන්නංගරයන්ට සුබ ගමන්.

Upali Kannangara




Upali Kannangara passed away Exclusive from Starfiends.lk

තමා ගායනා කළ ගීතාවලිය එක සේ ජනප්‍රිය තලයේ රැඳවීමට සමත් වූ ගායකයකු වූවා නම් හේ උපාලි කන්නංගරයන්ය (Upali Kannangara). ප්‍රසංග වේදිකාවේ දී සුවහසක් රසිකයින් නටවන බෙහෙත උපාලි කන්නංගරයන් සතු විය. එතුමන් වේදිකාවෙන් බැසයන විට ප්‍රේක්ෂාගාරය නොනවත්වාම නැටීම නිසා හෙම්බත් වන්නේය. ප්‍රසංග වේදිකාවට අර්ථාන්විත වේග රිද්ම ගීත කලාවක් දායාද කළ අතලොස්සේ ඔහු ද විය. ඔහු ගායනා කළ, දුම්බර මිටියාවත පැත්තේ, පාරට කිට්ටුව දෙල් ගස මුදුනේ, ගෙලේ රන් මාල, ඉවසිල්ලක් නෑ දකින තුරා, මගේ පබාවතියේ, රන් කඳ සදිසි මනා මන බන්ධන, කිරි වැදුණු ගොයම මෙන්න පැසීලා, මගෙ ආදර රත්තරනේ නුඹ දැක්ක දොහේ ඉඳලා ආදී ගීත මෑත ඉතිහාසයේ අතිශය ජනප්‍රිය වූ ගීත අතර ඉදිරියෙන්ම ඇත.

ඉතා නිහතමානී කලාකරුවකු සේ රටක් හැඳිනූ මේ ජනතාවාදී ගායකයා විරහව වෙනුවට සතුට මාර්කට් කළ අයෙකි.

80 දශකයේ ජාතික රූපවාහිනියේ හා අයි.ටී.එන් හි සුපර්ස්ටාර්ස් වාදක කණ්ඩායමේ ගිටාර් වාදකයෙක් ලෙස සංගීත ලෝකයට ප්‍රවිශ්ට වූ උපාලි කන්නංගර මහතා සංගීත නිර්මාපකයකු ද විය. චන්ද්‍රකුමාර කඳනාරච්චි ගැයු ඇගේ සිනහව තහනම්,අතීතයේ එක දවසක වැනි ගීත වල සංගීත නිර්මාපකයා වූයේ උපාලි කන්නංගරයන් ය.

අවුරුදු 67ක් ආයුෂ භුක්ති විඳි උපාලි කන්නංගරයන් සිය ජීවන විඩාව නිවා ගැනීමට තීරණය කර තිබුණි. පෞද්ගලික රෝහලක අසාධ්‍යව සිටි එතුමන්ව බේරා ගැනීමට සුවහසක් රසික රසිකාවන් ද කලාකරුවන්ද පෙළගැසී සිටි මොහොතක එතුමන් සිය ජීවන ගමන නිමා කිරීමේ තීරණය ගෙන තිබුණි.

මින් මතු උපාලි කන්නංගරයන් නැති එලිමහන් ප්‍රසංගයක් පිළිබඳව සිතීම පවා වේදනාවක් වුවද එතුමන් ගැයූ ගීතාවලිය අනාගතයට ද උපාලි කන්නංගර යන නාමය රැගෙන යනු ඇත.

උපාලි කන්නංගර මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් කීර්ති පැස්කුවෙල් සහෝදර ශිල්පියා විසින් දැනුවත් කර තිබුණේ මෙලසය,

” ප්‍රවීන ගායක, වාදන ශිල්පී, සංගීත අධ්‍යක්ෂ උපාලි කන්නංගර මහතාගේ අවසන් කටයුතු 15වන සෙනසුරාදා සවස 4ට කොහුවල පොද සුසාන භූමියේදී සිදු කෙරෙන බව සංවේගයෙන් දැනුම් දෙමු.

12දා මධ්‍යම රාත්‍රියේ සිට දේහය අංක 19A, 4වෙනි පටුමග, ජම්බුගස්මුල්ල මාවත, නුගේගොඩ යන නිවසේ දයාබර හිතවතුන්ට රසිකයන්ට අවසන් ගෛරවය දැක්වීම සඳහා තැන්පත් කරනු ඇත.

ආදරණීය උපාලි…..
ඔබ නැති හිස් තැන පුරවන්නට මේ සංගීත ලොවේ කිසිම දිනෙක කිසිවකු බිහිනොවනු ඇත. එබැවින් ඔබම ඉක්මනින් නැවත අප අතරට එන්න.. ”

අපිදු එතුමන්ට නිර්වාණ සුවය අත්වේවායි ප්‍රාර්ථනා කරමු…!

Upali Kannangara
Upali Kannangara

Upali Kannangara passed away Exclusive from Starfiends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close