GossipsHollywood & Bollywood
අසනීප තත්වයෙන් රෝහල්ගත කළ බිපාෂා රංඟනය සම්බන්ධයෙන් තීන්දුවක් ගනියි.

බිපාෂා කියන්නේ බොලිවුඩ්වල බිහිවුණ හොට් ක්වීන් කෙනෙක්. ඇයගේ සරාගී පෙනුමට රසික රසිකාවියන් විශාල ලෙස ආකර්ෂණය වුණා. බිපාෂා නිර්මාණ ගොඩක් භාරගන්න කෙනෙක් නෙමෙයි. ඇය ඉතාම සීමිත නිර්මාණ ප්‍රමාණයක තමයි රඟපාන්නේ. කොහොම හරි බිපාෂා වසර තුනකින් පමණ අලුත් චිත්‍රපටයක රඟපාලා නැහැ. ඇය අවසන් වතාවට රඟපාන්නෙ “අලෝන්” කියන චිත්‍රපටයේ. එය තිරගත වුණේ වසර 2015 දි.
බිපාෂා පසුගිය දවසක ශ්වසන අපහසුතාවකින් පීඩා වින්දා. මේ නිසා ඇය ප්‍රතිකාර ගත්තත් සුව අතට හැරුණේ නැහැ. අවසානයේ ඇයට නේවාසිකව ප්‍රතිකාර ගන්න සිදුවනවා.
බිපාෂාට එතරම් බරපතල ශ්වසන ආබාධයක් නොතිබුණ බව ඇයගේ වෛද්‍යවරයා පවසනවා. දින තුනක් නේවාසිකව ප්‍රතිකාර ගත්ත බිපාෂා සුව අතට හැරිලා රෝහලෙන් පිටව යනවා.
ඇය ටික දිනකින් සැමියා සමඟ ලන්ඩන් යන්න තමයි අදහස් කරගෙන ඉන්නේ. අසනීපය සුව අතට හැරුණ ගමන් ඇය ඇගේ රංඟන ජීවිතය පිළිබඳ තීරණයක් ගත්තා. ඇය ඒ නිසා තමයි ලන්ඩන් යන්නේ. අවුරුදු තුනකට පස්සේ බිපාෂා අලුත් චිත්‍රපටයකට සම්බන්ධ වෙනවා. රූගතකිරීම් තියෙන්නේ ලන්ඩන්වල. මේ චිත්‍රපටයට බිපාෂා එක්ක ඇගේ සැමියා වන කරන් සිං ග්‍රෝවර් ද සහභාගී වනවා.