Daily News
Trending

අශාන්ති රන්දීර් එකතුවෙලා කරපු අලුත්ම හිට් එක.




අශාන්ති BnS ලා ගෙන් ඉවත් වුණා කියලා රාවයක් පැතිරුණානේ. ඒක ඇත්ත. ඇත්තටම ඒක ඉවත් වීමක්ම නෙමෙයි. තමන්ගේ විදියට ස්වාධීන ගමනක් යන එක කාලයකදී කවුරු වුණත් ගතයුතු තීරණයක්.

මේ අතරවාරයෙදී තමයි අශාන්ති සහ රන්දීර් එකතුවෙලා කරපු වෙනස්ම ආරෙක ගීතයක් ගැන කතාබහ ඇතිවෙන්නේ. මේ ගීතය ලියවෙන්නේ ලංකාවේ තරුණ තරුණියන් වෙනුවෙන්. තාරුණ්‍යය අබියසට එන විවිධාකාර ප්‍රශ්න නිසා අපේ තරුණයින් හරි ඉක්මනට සියදිවි නසාගන්නා තීරණයට එනවා. මෑතකදී ජනප්‍රිය රංඟන ශිල්පීන් දෙදෙනෙකුත් ඒ තීරණය ගත්තා. ලව් එකක් බ්‍රේක් වුණාම, විභාග ප්‍රතිඵලයෙන් නොසතුටු වුණාම, වගේ සුළු කාරණා වලදී තමයි මේ තීරණය ගන්න හුඟක්ම හදිසි වෙන්නේ. ඉතිං මේ වගේ විශාද මට්ටමට ඔළුව හැරෙන්න කලින් මෙරට තාරුණ්‍යය ආතතියෙන් ගලවා ගැනීම සමාජ වගකීමක්. මේ වගකීම ඉටු කළ හැකි පහසුම ක්‍රමය තමයි කලා නිර්මාණයක් හරහා ඔවුන්ව සිතන්න පෙළඹවීම.

අශාන්ති සහ රන්දීර්ගේ අලුත්ම ගීතය නිර්මාණය වන්නේ අන්න ඒ ජාතික වගකීම එක්ක. ඔයාලා දන්නවද? ලෝක සෞඛ්‍ය සංවිධානයේ තීරණයට අනුව ලංකාවේ සියදිවි නසාගන්නා අනුපාතය (පුද්ගලයින් ලක්ෂයකට) 35.3%ක්. මේ අනුපාතය අවම කිරීම තමයි අශාන්ති සහ රන්දීර්ගේ අභිලාෂය වන්නේ.

” කඳුලක රස දෑසේ
අපිමයි හඳුනන්නේ
වැටි වැටි නැගිටින්නේ
අපිමයි ජයගන්නේ…”

මෙහෙම පටන්ගන්න ඒ ගීතය පුරාවටම තියෙන්නේ ධනාත්මක සංකල්පයක්. අපිව මානසිකව ශක්තිමත් කරවන රිද්මයක්. සිතන්න අවකාශයක්.

ලංකාවේ තරුණ තරුණියන්ව ධනාත්මක චින්තනයට හුරු කරවන අශාන්තිගේත් රන්දීර්ගේත් වෑයම අපි ඉතා අගය කරනවා.

Tags
Show More
Close