
ඔයාලා මේ දවස් වල දඩයම් බඹරු බලනවද? එහෙමත් නැත්නම් රන්බැඳි මිනිස්සු..මේ drama බලනවා නම් අපි මේ කතා කරන කාවින්ද්‍යාව නොදැන ඉන්න හේතුවක් නෑ. මොකද ඉතින් මේ දවස් වල ටීවී බලනවා නම්. හැබැයි මීට ඉස්සෙල්ලත් මෙයා Drama වල හිටියා. මතකද බලන්නකෝ සිඳූ ටෙලිය මතක් කරලා. ඒ drama එකේ මෙයා හිටියෙ අංජනාගේ character එකට. ඒකෙන් තමයි ගොඩක් දෙනෙක් මෙයාව අඳුර ගත්තෙ. කාවින්ද්‍යා දුල්ෂානිට ෆීල්ඩ් එකට එන්න මුලින්ම ඉඩ ලැබුණේ ITN එකේ තිබුණු අවුරුදු කුමාරි තරගයට ඉදිරිපත් උනාට පස්සේ. මේ වෙනකොට ජ’පුර කැම්පස් එකේ බාහිර උපාධියක් හදාරන කාවින්ද්‍යාගේ මුල්ම try එක වෙලා තිබුනෙ ලෝයර් කෙනෙක් වෙන්න. ඒත් ඉතිං ඒක ඒ විදියටම සිද්ධ වුණේ නෑ.ඉස්කෝලේ යන කාලෙදිම රඟපාන්න චාන්ස් එක ලැබුන හින්දා ඒක හෙමින්ම මිස් වෙලා ගිහින්. මෙයාගේ මුල්ම ටෙලිය තමයි ITN එකෙන් කරපු මේඝා. මේක කරේ 2015 අවුරුදු කුමාරි තරගයට ඉදිරිපත් වුණු අවසන් දොලොස් දෙනා එකතු කරගෙන.
ඉතින් ඔයාලට මතක ඇති මීට ටික කාලෙකට ඉස්සෙල්ලා ටීවී එක වටේ වට වෙලා හැමෝම බැලුව drama එකක් තිබුණා ශ්‍රී සිද්ධාර්ථ ගෞතම කියලා. මේ ටෙලියේ එයාට ලැබුණෙ යශෝදරාගේ character එක කරන්න. කාවින්ද්‍යා කැමති වගේම ආසමකරන character එකලු ඒක. මේ නිසා රසිකයො ගොඩක් දෙනෙක් මෙයා වටා එකතු වුණා කියලා තමයි කාවින්ද්‍යා නම් කියන්නේ. ඒ කියන විදිහට එයාට සෑහෙන නෙවෙයි, ඒක මාරම ජනප්‍රියත්වයක්ලු. ඩුබායිවල කරපු tour එකකදි ලැබුණු ප්‍රතිචාර වලින් ඒක හොඳටම පේන්න තියෙනවා කියලා තමයි කියන්නේ. මේ drama එකේදිම තමයි මෙයාට අමතක නොවන සීන් එකක් වෙලා තියෙන්නේත්. සිද්ධාර්ථ ගෞතම ටෙලියෙ තිබුණලු සීන් එකක් සෙට් එකක්ම අශ්ව කරත්තයේ නැගලා යන. පුරුදු විදියටම ඉතින් එදත් සීන් එක පටන් ගත්තට එදා ඇවිල්ල තිබිල තියෙන්නෙ පුරුදු අශ්වයා නෙවෙයි. සේරම පුරුදු අය උනාට අශ්වයා විතරක් පුරුදු කාරයෙක් නෙවෙයි. මෙන්න මේ සීන් එක නිසා කරත්තෙ බැඳපු අශ්වයා කුලප්පු වෙලා දුවන්න ගිහින්. ඌ ගිය ගමන කොහොමද කියනවා නම් යශෝධරා කැලේලු. වෙලාව හොඳ හින්දා යශෝධරායි ගියපු සෙට් එකයි දෙකම බේරිලා. නැත්තං ඉතින් කියන විදිහට කට්ටියගෙ parts තමයි අහුලන්න වෙන්නේ. දන්නවනේ,.. ලේසි නෑනේ අශ්වයෙක් කියන්නෙ සෙල්ලං ජාතියෙ බඩ්ඩක් නෙවෙයිනේ. ඔන්න කොහොම හරි එදා කාවින්ද්‍යා බේරුන හින්දා අද ගොම්මන් කලුවර ටෙලියට සෙට් වෙලා වැඩ කරන්න චාන්ස් එක හම්බ වෙලා තියෙනවා. සමහර විට මේ වෙනකොටත් කාවින්ද්‍යාට අශ්වයාව හීනෙන් පේනවා වෙන්නත් බැරි නෑ