GossipsHollywood & Bollywood
Trending

අවුල් ගොඩක් වුණු ෆිල්ම් එකක් God, sex and truth

God, sex and truth Movie




God, sex and truth Movie Exclusive from Starfriends.lk

දෙවියන්, ලිංගිකත්වය සහ සත්‍ය…. මේ කරැණු තුන එකට සම්බන්ධ වන්නේ කොහොමද කියලා හිතාගන්න බැහැ. ඒත් තෙලිඟු සිනමා නිර්මාණකරුවෙකු වුණු රාම් ගෝපාල් වර්මා  නිෂ්පාදනය කරපු කෙටි චිත්‍රපටියක් තමයි God, sex and truth කියන්නේ. නිල වශයෙන් ෆිල්ම් එක තිරගත වීම ආරම්භ වුණ දවසේ ඉඳලා  ලැබුණු ප්‍රතිචාර නම් එතරම් යහපත් වුණේ නැහැ. මොකද කාන්තා සංවිධාන සහ සංගම් රාශියක් විසින් මේ  කියන ෆිල්ම් එක කාන්තාවන්ට අපහාසයක් ගෙන දෙන නිර්මාණයක් කියලා හංවඩු ගහපු නිසා.

ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය රඟපාන්නේ සුප්‍රකට නිල් චිත්‍රපට නිලියක් වන මියා මල්කෝවා.  මේ වෙනකන් ඉන්දීය සිනමාව ආක්‍රමණය කරමින් හිටියෙ ඉන්දීය සම්භවයක් සහිත නිල් චිත්‍රපට නිලියක් වුණු ලෝකයක්ම දන්න සනී ලියෝන්. ඒත් එයාට තියෙන තැන ආක්‍රමණය කරන්න මේ වෙනකොට මියා මල්කෝවා සමත් වෙනවා. කාන්තාව, ලිංගිකත්වය සහ ලස්සන වගේම පීතෘ මූලික සමාජ ක්‍රමය යන ටොපික් එක්ක දාර්ශනික පදනමකින් ලිංගිකත්වය ගැන කියන ෆිල්ම් එකක් කියල මේක හඳුන්වල දෙන්න පුලුවන්

වැඩිහිටියන්ට පමණයි කියලා  කිව්වත්  ලිංගිකව හැසිරෙන දර්ශන ෆිල්ම් එක පුරාම දකින්න හම්බවෙන්නේ නෑ.  ඒ වගේම තමයි මියා මල්කෝවා කියන නිල් චිත්‍රපට නිලිය විතරක්  නිරුවතින් ඉන්න සීන්ස් විතරයි දකින්න හම්බවෙන්නනේ.

IMDb අගට 4.8ක් තරම් අඩු අගයක් වුණත්. ඉන්දීය සිනමාව තුළ බිහි වූ වෙනස්ම ආකාරයේ නිර්මාණයක් තමය God sex and truth. ඒත් මේ ෆිල්ම් එක රිලීස් වෙනවත් එක්කම රාම් ගෝපාල් වර්මාව අත්අඩංගුවට ගන්න කියල මිනිස්සු  උද්ඝෝෂණය කරන්න පටන් ගත්ත. මේ සම්බන්ධයෙන් රාම් ගෝපාල් වර්මාව හයිද්‍රාබාද් පොලිසිය විසින් අත්අඩංගුවට අරන් පැය 3කටත් වැඩි කාලයක් ප්‍රශ්න කරන්න පටන් අරන් තියෙනවා. ඉන්දීය කාන්තා ක්‍රියාකාරීන් හා කාන්තා සංගම් කිහිපයක්  ෆිල්ම් එක ගැන පොලිසියට පැමිණිලි කරල විතරක් නෙවෙයි මාරාන්තික උපවාසයක් කරන්නත් පටන් ගත්ත.. ඒ  God, Sex And Truth කියන වැඩිහිටියන්ට පමණයි සිනමා නිර්මාණයෙන්  කාන්තාවන්ට අපහාස කරල තියෙනවාය කියල. ඒ වගේම  තමයි ඒ අය කියන්නේ  කාන්තාවන්ගේ විලිබිය නැති කරලා ඔවුනට නිග්‍රහ කරල තියෙනවාය කියල.

කවුරු  කොහොම කිව්වත් කාන්තා සංගම් කියන්නේ ෆිල්ම් එක ඉන්දියාවේ ෂූට් කරපු එකක් කියලා දැනගන්න ඕන තරම් සාක්ෂි තියෙනවා කියලා. ඉන්දියාව තුළ නිල් චිත්‍රපටි නිර්මාණය කිරීම නීතිය අනුව වරදක් . ඒ නිසා රාම් ගෝපාල් වර්මාව අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කරන්න කියල මේ සංවිධාන දිගින් දිගටම කියනවා. ඒත් මේක සාම්ප්‍රදායික නිල් චිත්‍රපටයක් නෙවයි කියල ඕනම කෙනෙක්ට කියන්න පුලුවන්. Sex සහ Sex Art කියල ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා . ඒ කොටස් දෙක  ඇතුලේ මේ ෆිල්ම් එක අයති වෙන්නේ Sex Art යටතට බව තමයි  විචාරකයෝ කියන්නේ.

කොහොම වුනත් කාන්තා සංගම්වල චෝදනාවලට ප්‍රතිචාර විදියට රාම් ගොපල් වර්මා කියන්නේ  තමන් වැඩිහිටියන්ට පමණක් ගැලපෙන චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළ බව පිළිගන්නා බවත් එහි වගකීම තමන් බාරගන්නා බවත් එය ඉන්දියාවේ හෝ වෙනත් රටක රූගත කළත් එහි ඇති ප්‍රශ්නය කුමක්ද යන්නත්.. ඒ වගේම රූපවාහිනී වැඩසටහනකදී රාම් ගෝපාල් විසින් තමන්ට ඔහුගේ මීළඟ වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයේ රඟපෑමට කැමතිදැයි විමසා ඇති බවට කාන්තා සංගම් සාමාජිකාවක් පොලීසියට තවත් පැමිණිල්ලක් කරල තියෙනවා. කාන්තා සංගම් චෝදනා කරන්නේ ඔහු සිනමා ලෝකය තුළ තරුවක් වීම නිසා පොලිසිය ඔහුව අත්අඩංගුවට ගැනීමට මැලිවෙනවා කියලයි.

විනාඩි 19ක් තියෙන මේ ෆිල්ම් එක සම්පූර්ණයෙන්ම තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්.

God, sex and truth Movie Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close