Daily News
Trending

අවුරුදු නවයකට පස්සේ ආක්ෂේගේ ප්‍රේම පටලැවිල්ලක්.. ආක්ෂේ කුමාර්




ලෝක සිනමාවේ වැදගත් තැනක් හිමිවෙන රටක් තමයි ඉන්දියාව කියන්නේ. මොකද ලෝකයේ හැදෙන චිත්‍රපට වලින් වැඩි හරියක් හැදෙන්නේ ඉන්දියාවේ නිසා. තවත් විදියකින් හඳුන්වනවා නම් ඉන්දියාවට film industry එක කියන්නේ රටේ ආදායම් ඉහළ නංවන තවත් එක් ප්‍රධාන පෙළේ මාර්ගයක්. නිකමට හිතන්නකො අවුරුද්දට චිත්‍රපට දාහකටත් වඩා හැදෙන රටක් කොහොම වෙයිද කියලා. සමහර වෙලාවට ඉතින් ඒ මිනිස්සුන්ගේ ජිවිතත් චිත්‍රපටි වගේ තමයි . හැබැයි ඉතින් ඒ හැමෝගෙම නෙවෙයි. හරිම අඩු පිරිසකගෙ විතරයි. ඒ වුණත් සමහර වෙලාවට බලනවානම් ෆිල්ම් නම් ඉතින් බොලිවුඩ්ම තමයි. ලෝකෙ නතර වුණත් ඉන්දියාවේ ෆිල්ම් හදන එක නම් නතර වෙන්නෙ නෑ. ඒක තමයි කියන්න තියෙන සරලම කතාව. හැමදාමත් ෆිල්ම් හැදෙන රටේ ඔන්න තවත් එක ෆිල්ම් එකක් ලබන අවුරුද්දේ මාර්තු විසි වෙනිදා release වෙන්න තියෙනවා. මේ ෆිල්ම් එක ගැන ගොඩක් දෙනෙක් කතා බහ කළා. ඒ ඇයි කියන්න නම් දන්නෙ නෑ. සමහරවිට මේක ඇක්ෂන් ෆිල්ම් එකක් හින්දා වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මේකෙ main actor ආක්ෂේ කුමාර් හින්දා වෙන්නත් පුළුවන්. මොකද ආක්ෂේ කියන්නේ action movies වල හොඳට වැඩ දාපු චරිතයක්. ෆිල්ම් එකේ නම තමයි සූර්යවංශි.

Bollywood සිනමාව කියන්නේම තනිකර ආලකමන්දාවක්, ප්‍රේම පාරාදීසයක්. සම්බන්ධතා ඇතිවෙන්නේ නැති වෙන්නෙ කොහෙද කොතැනද කියලා කාටවත් කියන්න බෑ. ඉතින් කොහොම හරි ඔන්න පැත්තකට වෙලා හිටපු ආක්ෂේ කුමාර් අලුතින් සම්බන්ධයක් පටන් අරන් තියෙනවා. මේ සම්බන්ධය පටන් අරන් තියෙන්නේ අවුරුදු නවයකට පස්සේ. ඒ කියන්නේ 2010න් පස්සේ. සෙල්ලම් චරිතයක් එක්ක නෙවෙයි ආක්ෂේ මේ පාර නම් ඔන්න සම්බන්ධතාවය පටන් අරන් තියෙන්නේ. කත්‍රිනාත් එක්ක. මේ දෙන්නාගේ සම්බන්ධතාවය තිබ්බෙ 2010 අවුරුද්දේ ‘ දේ ඩනා ඩන්’ ෆිල්ම් එක කරන දවස්වල දීමයි. දැන් ඔන්න ආයෙමත් ආක්ෂේ -කත්‍රිනා ප්‍රේම චරිත රඟපාන්න පටන් අරන් තියෙන්නේ අවුරුදු නවයකට පස්සේ. ඒක තමයි ඉතින් සංසාර හමුවීම කියන්නේ. ඒ සංසාර හමුවීම කොහොම වුණත් හැබැයි ඉතින් වැඩේ තියෙන්නේ 2010 අවුරුද්දේදී මේ දෙන්නා ප්‍රේමවන්තයෝ උනේ ෆිල්ම් එකට විතරයි. ඒ එදා. ඒ එදා කියලා දැන් උනත් වෙනසක් නෑ. මේ පාරත් මේ දෙන්නා ප්‍රේමවන්තයෝ වෙලා තියෙන්නේ සූර්යවංශි චිත්‍රපටයේ සීන් වලට විතරයි. ඒ හින්දා ඒ ගැන මොකුත් හිතන්න දෙයක් නෑ මේ. දෙන්නා ප්‍රේමවන්තයෝ වුනේ ෆිල්ම් එකටම විතරයි.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close