GossipsHollywood & Bollywood
අවුරුදු නමයෙන් ගැහැනියක් වූ ඔප්රා වින්ෆ්‍රීගේ ජීවිතයෙන් බිඳක්.

වර්ෂ 1954 මිසිසිපි හිදී උපත ලද ඔප්රා වින්ෆ්‍රී විසිවැනි සියවසේ ධනවත්ම කාන්තාව වන්නීය. මානව හිතවාදිනියක් ලෙසින් සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරන ඇය ලොව විශිෂ්ටතම කළු ජාතික මානව හිතවාදිනිය ද වන්නීය. රූපවාහිනී නිෂ්පාදිකාවක්, නිවේදිකාවක්, රංඟන ශිල්පිනියක් ආදී ලෙසින් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සාර්ථකත්වයක් අත්පත් කරගෙන සිටින ඔප්රා ළමා හිංසනයට විරුද්ධව පෙනී සිටිමින් සිය අත්දැකීම් පවා විස්‍තර කළාය.
ඇය පවසන ආකාරයට ඇයව මුල් වරට දූෂණය වන්නේ වයස අවුරුදු නමයේ දී ය. ඒ තමන්ගේ මස්සිනා අතිනි. ඊට පසුව යලිත් පවුලේ කෙනෙකු අතින් දූෂණය වී ඇය ගැබිණියක් බවට පත් වන්නේ වයස අවුරුදු දාහතරේදීය. ඒ දරුවා අඩුවයස් දරුවකු ලෙස උපත ලබා මියයි. ඔප්රා ඇති දැඩි වන්නේ මේ සියලු වේදනා මධ්‍යයේය.
ඇය උපත ලබන්නේ තාත්තා නැති දරුවෙක් ලෙසයි. පසුව ඇයව හදාවඩා ගන්නේ ඇගේ මිත්තනිය විසිනි. ඒ කාලයේ ඇයට හුඟක් දුක් විඳින්නට සිදු වෙයි. ඇයට අඳින්නට ලැබුණේ අලගෝනිවලින් මැසූ ඇඳුම්ය. එහෙම ඇඳගෙන ඉස්කෝලේ ගිය ඇයට ළමයින්ගේ උසුළු විසුළුවලට පවා ලක් වන්නට සිදු විය.
ඔප්රාගේ ජීවිතය වෙනස් මඟකට යොමුවන්නේ ඇය විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සුදුසුකම් ලැබීමත් සමඟය. ටෙනිසීස් රාජ්‍යයෙන් ඇයට ඒ සඳහා පූර්ණ ශිෂ්‍යත්වයක් පිරිනමයි. වයස අවුරුදු 17 දී ඇය ටෙනිසීස් කළුජාතික සුරූපිනිය ලෙසින් කිරුළු දරයි. WVOL ගුවන්විදුලියට ඇයව බඳවා ගන්නේ ඇයට මුල සිටම තිබුණ කථන හැකියාව නිසාය. පසුව ඔප්රා රූපවාහිනී නිවේදිකාවක් සහ නිෂ්පාදිකාවක් බවට ක්‍රමයෙන් පත් වෙයි. සුරූපී ඔප්රා ඉන්පසුව රංඟනයටත් පැමිණෙයි.
බැරක් ඔබාමාගේ ඡන්ද සටනට සහයෝගය දුන් වැදගත්ම චරිතය වන්නේ ඔප්රාය. ඇයගේ “ඔප්රා වින්ෆ්‍රී ෂෝ” කියන රූපවාහිනී සංවාද වැඩසටහන ඇමරිකාවේ අතිශය ජනප්‍රියයි.
දහසකුත් බාධක මැද නොසැලී සිටිමින් ජීවිතය දිනන අයුරු ඔප්රාගේ ජීවිත කතාවෙන් මනාව කියවෙයි. අප ඇගෙන් උගත යුත්තේ එකී කතාවයි.