Daily NewsGossipsHollywood & Bollywood
Trending

අවුරුදු දෙකකට පස්සේ රිතික් එලියට…




සමහර ඉන්දියාවේ Artist ලා ඉන්නවා ඒ ගොල්ලන්ට නං ඉතිං විවේකයක් ඇත්තේම නෑ. දිගට හරහට වැඩ. එහෙම තියෙන්නේ ඉතින් නමක් හදාගත්ත කට්ටියට තමයි. නැතුව ඉතිං හැමෝටම එහෙම වෙන්නෙත් නෑ. තවත් අය ඉන්නවා කාලයක් එක දිගට ෆිල්ම් කරලා කරලා පොඩි පහේ rest එකකුත් ගන්නවා. පොඩි රෙස්ට් එකක් කිව්වට ඉතිං ඒක මාස හතක්, දහයක් අවුරුද්දක් වගේ තමයි. ඔන්න ඉතින් එහෙම කාලයක් ගෙදර හිටිය රිතික් රෝෂන්ගෙ අලුත් වැඩක් දැන් එළියට ඇවිල්ලා තියෙනවා. රිතික් රෝෂන්ට බොලිවුඩ් වල තරුවක් වෙන්න පුළුවන් උනේ එයාගේ තාත්තා Indian film industry එකේ වැඩ කාරයෙක් හින්දා කියලා තමයි ඒ කාලේ මිනිස්සු කියන්න පටන් ගත්තේ. ඒ දේවල් ඉතින් එහෙම කියන්න ඇත්තේ මිනිස්සුන්ගේ තියෙන ඉරිසියාව හින්දා වෙන්නත් බැරි නැහැ.

කොහොම හරි මේ ෆිල්ම් එකේ නම super 30. රිතික්ගේ මේ ෆිල්ම් එක රිලීස් වුනේ 2017 රිලීස් වුණු කාබිල් ෆිල්ම් එකෙන් පස්සේ. මේ ෆිල්ම් එකේ රිතික්ගේ supporting actress විදියට රඟපාන්නෙ අලුත් නිළියෙක් වුණු මිරිනල් ඨාකූර්. කොහොම හරි අවුරුදු දෙකක් ගෙදර ඉදලා රඟපාපු ෆිල්ම් එකත් ලේසි නෑ. මොකද ඒක රිලීස් වුණ මුල්ම දවසෙම ඉන්දීය රුපියල් කෝටි 11ක ආදායමක් හොයාගන්න මේ ෆිල්ම් එක සමත් වුණා. ඉන්දියාව කියන්⁣නෙ හරි අමුතුම තැනක්නෙ. ඒ තියෙන අමුතුකම හින්දමද කොහෙද ගහන ගහන තුරුම්පුව හරි යනවා. එහෙමත් වෙලාවක තමයි ඒක අන්දොස් වෙලා යන්නේ.
මේ ෆිල්ම් එක රිලීස් වෙලා දවස් කීපයකට පස්සේ විචාරකයො මෙන්න මෙහෙම දෙයක් කිව්වා. එකක් තමයි අවුරුදු දෙකක් රෙස්ට් එකේ ඉඳල ආපු රිතික් ගේ අලුත්ම ෆිල්ම් එක බලන්න ගොඩක් කට්ටියක් එයි කියලා. අනිත් එක තමයි මේ ෆිල්ම් එක දුවන විදියට වැඩි දවසක් යන්නෙ නැතුවම මේකේ වියදම් කවර් කරගන්න පුලුවන් කියලා. ඉතින් අපිත් බලාගෙන ඉමු රිතික්ගෙ අලුත්ම ෆිල්ම් එකේ වැඩ කොහොම වෙයිද කියලා..

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close