
Ranveer Singh wins Best Actor award Exclusive from Starfiends.lk

රන්වීර් සිං සහ දීපිකා පදුකෝන් (Ranveer singh & Deepika Padukone) කියන්නේ තවමත් මංඟල උණුසුම මැකී නොගිය අලුත්ම මනාල යුවලක්. මේ සුපිරි තාරකා යුග්මය බොලිවුඩය පුරා නිරන්තරයෙන් උණුසුම් පුවත් මවන්නට සමත්ව තිබෙනවා.
සිනෙමා කර්මාන්තයට දීපිකා පදුකෝන් වටිනා සම්පතක්. ඇය රඟපෑ සිනමා කෘති බොලිවුඩ් සිනමා කර්මාන්තයේ වාර්තා පිට වාර්තා තැබුවා. රන්වීර් සිං දීපිකා තරමටම ජනප්‍රිය වෙලා නොසිටියත් පසු කාලීනව බොහෝ සෙයින් ජනප්‍රිය සිනමා තරුවක් බවට පත් වුණා
මේ දෙන්නා එක්ව ප්‍රධාන චරිත රඟපෑ පද්මාවතී (Padmavat) සිනමා කෘතිය කියන්නේ තිරගත වීමට පෙර සිටම ආන්දෝලනාත්මක පුවත් මැවූ නිර්මාණයක්. ඒකට හේතු වුණේ පද්මාවතී සිනමා කෘතිය ඓතිහාසික තේමාවක් පදනම් කරගෙන නිර්මාණය වීම.

තමිල්නාඩුවේ කලහකාරී කණ්ඩායම් මේ හේතුවෙන් දීපිකාට මරණ තර්ජන පවා එල්ල කළා. එක් පිරිසක් කිව්වේ දීපිකාගේ නාසය කපා දමනවා කියලා. උද්ඝෝෂකකරුවන් පද්මාවතී අධ්‍යක්ෂ සංජේ ලීලා බන්සාලිගේ පඹයන් පවා පුළුස්සා දමමින් මේ සිනමා කෘතිය තිරගත වීමට එරෙහිව ආවේගශීලීව වීදි බැස්සා. මේ නිසා පද්මාවතී සිනමා කෘතිය ඉන්දියාවේ පෙන්වන්න කලින් ලංකාව ඇතුළු වෙන රටවල ප්‍රදර්ශනය කෙරුණා. ලංකාවේ සිනමා ප්‍රේක්ෂාගාරය නම් පද්මාවතී සිනමා කෘතිය වැළඳ ගත්තේ විවේචන එක්ක.
කොහොම වුණත් තර්ජන ගර්ජන කිසිවක් හමුවේ නොසැලුණ දීපිකා සහ රන්වීර් සාර්ථකව තම රංඟන කුසලතාව පද්මාවතී සිනමාපටයෙන් ඉදිරිපත් කළා. එහි ප්‍රවර්ධන කටයුතු සමඟත් එක්ව සිටියා. අවසානයේ බොලිවුඩ් සිනමාවට පද්මාවතී නම් වූ ආකර්ශනීය සිනමා නිර්මාණයක් දායාද වුණා.
පද්මාවතී සිනමා කෘතියෙහි සාර්ථකත්වය වඩාත් ප්‍රකට කරමින් ප්‍රමුඛ පෙළේ සිනමා සම්මාන උළෙලකදී එය සම්මානනීය වෙන්නේ ඊට පසුව. මෙහිදී විශේෂයෙන්ම කිව යුතු වන්නේ හොඳම සිනමා නළුවාට හිමි සම්මානය පද්මාවතී සිනමා කෘතියෙහි සිදු කළ රංඟනය වෙනුවෙන් රන්වීර් සිං ට හිමි වීමයි. සම්මාන සභාවේ වැඩිම අවධානයක් දිනා ගත් නව යුවල දීපිකා සහ රන්වීර් පද්මාවතී තිරගත කරන සමයේ ආදරණීය පෙම්වතුන්ව සිටියා. එහි රංඟනය වෙනුවෙන් රන්වීර් සම්මානනීය වන අද දවසේ ඔවුන් විවාහක අඹුසැමියන්.

සම්මාන වේදිකාවේ අසුන්ගෙන සිටි රන්වීර්ගේ co – star මෙන්ම ආදරණීය බිරිය වූ දීපිකා පදුකෝන් වේදිකාව මත සිටි රන්වීර් වෙනුවෙන් සිනාමුසු මුහුණින් කඳුළු සලන දර්ශනය එම අවස්ථාවේ එහි සිටි බොහෝ දෙනාව සංවේදී කරවන්නට සමත් වුණා. තම ආදරණීයයාගේ ජයග්‍රහණය දරාගත නොහැකිව දෑසෙහිම කඳුළු පුරවාගෙන සිටි දීපිකාව kiss කරපු රන්වීර් පද්මාවතී හී තම co star වූ ඇයව තදින් වැළඳ ගන්නවා. මේ දර්ශනය බොහෝ දෙනා සංවේදී කළ අවස්ථාවක් බවත් කිවයුතුයි. දීපිකා ඇස් දෙකේ කඳුළු පුරවගෙ වේදිකාවේ සිටම රන්වීර් ට fling kiss එකක් දෙන ඡායාරූපය මේ වෙද්දී ඔවුන්ගේ රසික රසිකාවන් වැළඳගෙන අවසන්. පද්මාවතී සඳහා ජනප්‍රිය නළු ශහීඩ් කපූර් ද (Shahid Kapoor) එක්ව සිටි බව කියන්න ඕනේ.
දීපිකා – රන්වීර් විවාහ මංඟල්‍යයත් අතිෂය උණුසුම් එකක් වුණා. මේ පිළිබඳව ලෝකයක්ම බලා සිටියා. එය සිදුවුණේ ඉතාලියේ කෝමෝ විල ආසන්නයේ පිහිටි විලා ඩෙල් බල්බියනෙලෝ නම් සුපිරි මන්දිරයේදී සාම්ප්‍රදායික උතුරු ඉන්දීය සහ දකුණු ඉන්දීය චාරිත්‍රානුකූලව.

නොවැම්බර් 14 වැනි දා දීපිකා සහ රන්වීර්හට ඔවුන්ගේ විවාහ දිනය ලෙසින්ම පමණක් විශේෂ වන්නේ නැහැ. ඔවුන්ගේ ආදර කතාවේ ආරම්භය සනිටුහන් කළ රාම්ලීලා (RamLeela) චිත්‍රපටයේ තිරගත කිරීම ආරම්භ කෙරුණේත් 2013 වසරේ නොවැම්බර් 14 වැනි දිනක. එහි පස්වැනි සංවත්සරය සමඟින් දෙදෙනාගේ විවාහය සිදුවීම ඔවුන්ගේ ආදර කතාවට වටිනා ආලෝකයක් එක් කළා.
දීපිකා රන්වීර් ආදර අන්දරය විවාහයත් සමඟ වඩාත් ශක්තිමත් වෙලා තියෙනවා කියලා සම්මානනීය රන්වීර් සිං සහ දීපිකා ඔප්පු කරමින් සිටිනවා.



Ranveer Singh wins Best Actor award Exclusive from Starfiends.lk