Daily News
Trending

අලුත් පරපුර හිස් ජගත් කියයි.




ජගත් චමිල කියන්නේ සම්මාන වලින් නම් අඩුවක් නැති චරිතයක්. ලංකාවේ වගේම විදේශ රටවලිනුත් ජගත්ට සම්මාන හිමිවෙනවා. ඒකත් එක අතකට වාසනාවක් හැමෝටම නොලැබෙන. හැබැයි ලෝකේ හොඳම නලුවා වෙන්න නම් වාසනාව විතරක්ම මදි දක්ෂකමත් තියෙන්න ඕන.

කොහොම හරි ජගත් 2018 සුමති සම්මාන උළලෙදීත් සම්මානයක් දිනාගත්තේ හොඳම සහය නළුවා විදියට.  චමිල කියන විදියට ඔහුට හොඳ පිටපතක් ලැබුනේ කාලෙකින්ලු. මේ නිසා මේ සම්මානය ලැබුන චරිතය බොහෝම කැමැත්තෙන් ඔහු රඟපෑවලු.

සම්මාන කොහොම ලැබුනත් වර්තමානයේ පවතින කලාව ගැනනම් ඔහු තෘප්තිමත් වෙන්නෙ නැහැලු. මේක දරුවන්ගේ වරදක් නෙමෙයි සමාජ වටපිටාවේ ප්‍රශ්නයක් කියලා තමයි ඔහු කියන්නේ. අලුත් අයට දෙපයින් හිටගන්න තැනක් නැහැ අද. අද රංඟනයේ ඉන්න අලුත් පිරිස ගැන ජගත් දරන්නේ මොන වගේ අදහසක්ද ඇහුවම ඔහු කියලා තිබුනේ මෙහෙමයි. මේ අලුත් පරපුර ගැන මට තියෙන්නේ දුකක්. ඉතිහාසය ගැන මිනිස්සු ගැන නියපොත්තක දෙයක්වත් දන්නෙ නැතුව තමයි ඒ ගොල්ලෝ ඉන්නේ. ඔවුන් නිකන්ම නිකන් හිස් ඔළු ගෙඩි ටිකක් විතරයි.

Tags
Show More
Close