
අමායා අධිකාරි කියපු ගමන්ම කාගෙත් ඔළුවට එන්නෙ වෙන කවුරුවත් නෙවෙයි අතුල අධිකාරිව. ඒකට හේතු කීපයක්ම තියෙනවා. එකක් තමයි වෙන කිසිම දෙයක් හිතන්න ඉස්සෙල්ලා අමායා අධිකාරි කියපු ගමන්ම අතුල අධිකාරිගේ නමත් කියවුනා වගේ දැනෙන එක. අනිත් හැමදේටම වඩා ලොකුම කාරණාව ඉතින් අමායා කියන්නේ අතුලගේ වයිෆ් වෙච්ච එක. කොහොමහරි ඉතින් අමායා දැන් අතුලත් එක්ක ළඟම සම්බන්ධතාවයක් නැති වුණාට සම්බන්ධතාවය නැත්තෙ නෑ. සමහරු හිතනවා වගේ ඒ දෙන්නා ඩිවෝස් වෙලත් නෑ. අතුලටයි අමායාටයි මේ වෙනකොට අවුරුදු හතක දුවෙකුත් ඉන්නවා. අමායා කියන විදියට තවමත් අතුල ගැන හොයා බලනවාලු. අතුලට අසනීපයක් වුණත් එයා ගැන සොයා බලන්නේ අමායලු. ඒ වගේම තමයි මාසෙකට සතියක්වත් එයා දුවව බලන්න එනවාලු. කොහොමහරි ඉතින් මේ කියන්න ගියේ අතුලයි අමායයි ගැන විස්තරයක් නෙවෙයි. තනිකරම අමායා ගැන කතාවක්.
ඔන්න ඉතින් දැන් ආයෙමත් සැරයක් අමායා අධිකාරිට දරුවෙක් ලැබෙන්නයි ඉන්නේ. ඒක කියපු ගමන් දැන් ඉතින් එක එක දේවල් හිතන්න යන්න එපා. අතුල එක්ක ඩිවෝස් වුණේ නැති වුණාට අතුලත් එක්ක ළඟම සම්බන්ධතාවයක් නැතිවත් කොහොමද බබෙක් හම්බ වෙන්නේ කියලා. ඒක ගැන කාටවත් කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැතිවෙන විදිහට ඔන්න අමායා ඒක ගැන කියලා තියෙනවා. ලැබෙන්න යන දරුවා නම් අතුලගේ නෙවෙයිලු. ඒක අතුලත් දන්නවාලු. අමායා කියන විදියට දරුවා හර්ෂ ධනෝෂ්ගේලු. අමායාගෙයි හර්ෂගෙයි love story එකට දැන් අවුරුදු හතරක් වෙනවා. මේ affair එක ගැන අතුල අධිකාරි දන්නවලු. අතුල කියන්නේ ආදරය හොඳින් හඳුනන පුද්ගලයෙක් හින්දා අමායා හර්ෂ එක්ක ජීවත් වෙන එක ගැන එයාගේ අකමැත්තක් නෑලු. හොඳම කතාව කියන්නේ අතුලයි හර්ෂයි කියන්නෙත් හොඳම යාලුවොලු.