GossipsHollywood & Bollywood
Trending

අලුත් අවුරුද්දට එන රාජකීය අමුත්තා.

British Royal Family..




British Royal Family Exclusive from Starfriends.lk

ඔන්න මෙදාපාර අලුත් අවුරුද්දට රාජකීය අමුත්තෙක් එන්න බලාගෙන ඉන්නවාලු. ඒ අමුත්තා වෙන කවුරුවත් නෙමෙයි හැරී සහ මේගන් කුමරියගේ කුළුඳුල් දරුවා.

මේගන් කුමරිය දරු ප්‍රසූතියට සූදානම් වන්නේ අප්‍රේල් මාසයේදී බව දැනගන්න ලැබෙනවා.

ඒ කියන්නේ බ්‍රිතාන්‍ය රජ පවුලට අලුත් සමාජිකයෙක් හෝ සාමාජිකාවක් එකතුවෙන්නයි යන්නේ.

මේගන් කුමරිය තරමක් වෙනස් කෙනෙක්නේ. ඇය සම්ප්‍රදායික බ්‍රිතාන්‍ය රජ සිරිත් වලට පවා පයින් ගැහුවා. මොකද මේගන් එන්නේ පුංචිම තැන ඉඳලානේ.

ඉතින් දරු උපත සම්බන්ධයෙනුත් ආරක්ශා කළ යුතුම රීතියක් මේගන් අතින් බිඳී ගොස් තියෙනවා. ඒ තමයි ඉපදෙන්න ඉන්න ළමයා ගේ ලිංගික භාවය හෙලි කිරීම. මේක වෙන්නේ මෙහෙමයිනේ.

දරු උපතකට කලින් ඒ ගැන සැමරෙන එක එක මාදිලියේ චාරිත්‍ර තියෙනවානේ. අන්න ඒ වගේ බේබි ෂවර් චාරිත්‍රයකට සහභාගී වුණ වෙලාවක තමයි මේගන් අතින් මේ රහස ලීක් වෙන්නේ. ඇත්තටම රහස ලීක් කරලා තියෙන්නේ ඇයගේ හොඳම යෙහෙළියක්. ඇය කියලා තියෙන ආකාරයට මේගන් කුමරියට ලැබෙන්න ඉන්නේ පුතෙක් බවට ස්කෑන් පරික්ෂණවලින් තහවුරු වෙලා තියෙනවා.

දැන් මේ පුවත සීඝ්‍රයෙන් මාධ්‍යවල වාර්තා වෙනවා. ඒත් රජ පවුලේ නීතියට අනුව නම් ඉපදෙන්න ඉන්නේ කුමාරයෙක් ද කුමාරියක් ද කියලා කලින් කියන්න බැහැ. මොනා කරන්නද ඉතින් මේගන් බිහි කරන්න සූදානම් වන්නේ රාජ කුමාරියක් බව ඒ වනවිටත් නොදන්න කෙනෙක් නැති තරම් ලු.

එදා මේගන් සහභාගී වූ ප්‍රෙග්නන්ට් චාරිත්‍රයට ඇගේ යාළුවෝ සහ හිතවතුන් ද ඇවිත් තියෙනවා. එයාලා හැමෝම වගේ නිල්පාට දවටන වල ඔතපු තෑගි තමයි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ නිසා කාගෙත් හිතේ තියෙන සැකය තවදුරටත් තහවුරු වුණා ලු.

කොහොම වුණත් මේගන්ට වාසනාවන්ත දරු උපතකට මුහුණ දෙන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.

British Royal Family Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close