
මේ දිනවල අයිශ්වර්යා රායි සහ දීපීකා පදුකෝන් අතර ඒ තරම් හිත හොදක් නෑ කියලා තමයි ආරංචි.දීපීකා කියන්නේ බොලිවුඩයට දැන් නැතුවම බැරි නිලියක් වෙද්දි අයිශ් ගැන ඒ තරම් ලොකු කතාවක් නැති තරම්.කොහොම උනත් දැන් අයිශ් කියනවලු තමන් රිජෙක්ට් කරන ෆිල්ම් වගේම තමන් කරන්න බලපොරොත්තුවෙන් ඉන්න ෆිල්ම් පවා දීපිකා කරනවා කියලා.”Happy New Year” චිත්‍රපටයට මුලින්ම ආරාධනා කරලා තියෙන්නේ අයිශ්වර්යටලු හැබැයි ඇය යම් හේතුවකට එය අතහරිද්දි තමයිලු ඒක දීපිකා බාර අරගෙන තියෙන්නේ. ඒ වගේම තමයි සංජය ලීලා බන්සාලි බජරාඕ මස්තානි චිත්‍රපටය සදහා මුලින්ම අයිශ් සහ සල්මන් තොරගෙන තිබුනත් ඒ දෙන්නා අතරේ ආරවුල් නිසා ඒකත් දිපිකාට ලැබිලා තියෙනවා. පසුගියදා තිරගත උන පද්මාවත් සදහාත් අයිශ් සමග කතා කරලා තියෙද්දි තමයි දීපිකාට මෙය ලැබිලා තියෙන්නේ.හැබැයි මේ ගැන කවුරු කොහොම කතා කලත් ඉන්දියානු මාධ්‍ය කියන්නේ මෙ චිත්‍රපට වලින් දීපිකා පුදුමාකාර විදියට තම හැකියාවන් පෙන්නුව අතර මේ චිත්‍රපට සියල්ල දීපිකා නිසා අතිසාර්ථක වී ආදයම් ලැබුවා කියලා තමයි….