
අයිශාරා අතුකෝරල මේ දවස්වල ඇයගෙ ජීවිතයේ අපූරු කඩයිමකට සූදානම් වෙනවා. ඇය ගැන අමුතුවෙන් හඳුන්වා දීමට අවශ්‍ය නැහැනෙ. නිරූපිකාවක් විදියට පයගහලා සිනමාව වගේම වේදිකාවත් වැළඳගත්ත සුරූපිනියක් විදියට අයිශාරා හඳුන්වා දෙන්න පුළුවන්. ඇයට තියෙන්නෙ වෙනස් රූපයක්. ඒ වගේම වෙනස් ලස්සනක්.
මව් පදවිය අපේක්ෂාවෙන් සිටින අයිශාරා පසුගිය දිනක හිතවතුන් පිරිසක් එක්ක එකතුවෙලා කතාබහ කරමින් විනෝද වෙනවා. ඒ අය අතර අයිශාරාගෙ ස්වාමිපුරුෂයා වගේම ජනප්‍රිග ගායක අමල් පෙරේරාත් ඉන්නවා. අමල් ඉන්න තැනක් නම් ඉතිං එතන සංගීතය දෝරේ ගලන්න එපැයි.
එදත් එහෙම තමයි වුණේ. හැමෝම සින්දු කියලා විනෝද වෙනවා. ඒ වීඩියෝ අන්තර්ජාලයටත් මුදාහැරුණා. ඉතිං මේ අවස්ථාවට සහභාගී වෙලා හිටපු අයිශාරා එයාගෙ ෆේස්බුක් පිටුවට ඡායාරූප කීපයක් එකතු කරනවා.
ඇය කියලා තිබුණේ බබාගෙ දොස්තර මුණගැහුනා කියලා. දන්නවද කවුද ඒ දොස්තර කියලා. ඔහු තමයි අමල් පෙරේරා. අමල් අයිශරාගෙ බඩට කන තියාගෙන ඉන්න හරිම ආදරණීය පින්තූරයක් ඒ අතරෙ තිබුණා. මව් කුසේ ඉන්න දරුවට බාහිර ශබ්ද ඇසෙනවනෙ,ඉතිං අමල්ගෙ සින්දු අහන්න අයිශාරා වගේම අයිශාරාගෙ චූටි පැටියත් දැන් ඉඳන්ම ආසයි වගේ.
ඒ වෙලාවෙ අමල් මල්පිට මල් ගීතය ගායනා කරන වීඩියෝවක් අයිශාරා එයාගෙ ෆේස්බුක් පිටුවට එකතු කරනවා.
යාලු මිත්‍රයො එක්ක ආදරෙන් ගතවෙන දවස් අතරෙ ඒ පැටියා හෙමි හෙමින් ලොකු වෙනවා. අපි අයිශාරාට වගේම චූටි පටියාටත් සුබ පැතුම් එක් කරනවා.